විසිකරන ප්ලාස්ටික් බෝතලයෙන් වැඩක් ගනිමු

0
222

♻ අපි  එදිනෙදා  ජිවිතයේ දි  විශාල වශයෙන්  ප්ලාස්ටික් බෝතල් භාවිතයට ගන්නවා. නමුත් භාවිතයෙන් පස්සේ ඒවට මොකද කරන්නේ? එක්කෝ කුණු ගොඩකට දානවා, නැත්නම් පුච්චලා දානවා. මේ දේවල් විසි කරලා දාන ඔයාට හිතෙන්නේ නැද්ද මේවගෙන් අළුත් නිර්මාණයක් කළොත් හොඳයි කියලා?. සමහර විට , හොඳ ස්වයං ව්‍යාපාරයක් මේ බෝතල් වලින්ම පටන් ගන්නත් පුළුවන්. ඉතිං, අද අපි මේ ලිපියෙන් කථා කරන්නේ,  ඉවතලන ප්ලාස්ටික් බෝතල් වලින් කරන්න පුළුවන් දේවල් ගැන.

01.ෆෝන් චාර්ජර් රඳවනය.

🌼මේක නම් ගොඩක් වටින්නේ, තමන්ගේ ඇඳ ළග ප්ලග් පොයින්ට් එකක් ලබන්න පින් නොකරපු අයටයි.? සමහර විට ඇඳ ළග තිබ්බත් ප්ලග් පොයින්ට් එක තියෙන්නේ කකුල් දෙක හරියේ නම් එයාලටත් මේක වටිනවා.? . සමහර වේලාවට අපිට තියෙන හදිස්සියට ෆෝන් එක චාර්ජ් එකට ගහලා බිම තියලා යනවා. ඕක දන්නේම නැතුව අපිටම පැගිලා යනවා .ඒ නිසා එකට හොඳම විසඳුමක් තමයි මේ කියන්න යන්නේ.

🌼සල්ලි දිලා මොකටද මේ වගේ දේවල් ගන්නේ? අත ළඟම ඕන කරන දේවල් තියෙද්දි . පාවිච්චි කරලා ඉවර වුන ක්‍රීම් බෝතල් වගේ නම් මේ වැඩේට ගොඩක් ගැළපෙනවා. ඕන නම් තමන්ට ඕන විදියට හැඩ වැඩ කරලා, කැටයම් ටිකක් දාන්නත් පුළුවන් .පහළ රූපයෙන් ඒ ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි.

02.බෝතල් බෑග්

🌼මේකට හරියන්නේ නම් ටිකක් ලොකු බෝතල් .මුලින්ම බෝතලේ උඩ කොටස කපලා ඉවත් කර ගන්න. පස්සේ එකේ වටේට රේන්දයක් වගේ දෙයක් අල්ල ගන්න ඕන. මොකද කැපුම් පාරවල් නිසා අත කැපෙන්න පුළුවන් . පස්සේ, අඩු දෙකක් දා ගන්න . ගෙදර පොඩි එක්කෙනෙක් ඉන්නවා නම් එයාගේ පොඩි පොඩි සෙල්ලම් බඩු දාන්න හොඳයි. ඒ වගේම ගෙදර ඔය එහේ මෙහේ තියෙන ගැජට් ටික එකතු කරලා මේකට දාලා තියන්නත් පුළුවන් . හැඩ වැඩ කරගන්න එක ඔයාටම බාරයි.

03. පැන් රඳවනය

🌼ඔයාගේ, ගෙදර තියෙන පෑන් හැමතැනම නේද? හදිස්සියට හොයාගන්නවා කියන එකනම් ඒ තරම් ලේසි වෙන්නේ නෑ. එහේම නේද? අන්න ඒ නිසා තමයි මේ වගේ ගැජට් එකක් හදා ගන්න කියන්නේ.

🌼වෙළෙඳපොළේ පෑන් රඳවන නම් ඕන තරම් ගන්න තියෙනවා. එත්, ඇයි අපි ඒ වෙනුවෙන් මුදල් නාස්ති කරන්නේ? අපිට ගෙදරදිම  හදා ගන්න පුළුවන්කම තියෙද්දී. බෝතලේ හරි මැදින් කපලා, හැඩ වැඩ දාලා මේක හදා ගන්න පුළුවන් .

04. ප්ලාස්ටික් සවල්

🌼ගෙදර අතු ගාලා ඉවර උනහම කුණු අයින් කරන්න නම් මේක ගොඩක් හොදයි. වෙළෙඳ පොළේ විකුණන්න තියෙන ප්ලාස්ටික් සවල් වලට වඩා ශක්තිමත් ඒ වගේ ම ඒ වෙනුවෙන් මුදලක් නාස්ති කරන්නත් ඕනේ නැහැ. මේකට හරියන්නේ ටිකක් ලොකු කෑන් එකක්. බලන්නකෝ මේ විදියට ඔයාටත් හදාගන්න හදා ගන්න පුලුවන්ද කියලා ?

05. ප්ලාස්ටික් මල් පෝච්චි

🌼ලොකුවට හැදෙන්නේ නැති, පොඩි පැල හිටවන්න මේ වගේ මල් පෝච්චියක් ගැළපෙනවා. වැඩිය ඉඩක් යන්නේ නැති නිසා, පහසුවෙන් ඕන තැනක තියා ගන්නත් පුළුවන්. මල් පෝච්චිය යට කොටසට පරන සීඩී එකක් සෙට් කරගන්න.

06. වතුර විදිනය

🌼ගෙදර තිබුණු garden sprinkle එක කැඩිලා නම් මේක තමයි හොඳම විසඳුම . ප්ලාස්ටික් බෝතලයක යට කොටස කපා පහත රූපයේ විදියට ගෙදරදීම හදා ගන්න පුලුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here