ගැස්ට්‍රයිටිස් මට්ටු කරන කෝමාරිකා ව්‍යංජනය

0
354

🌼ඔයත් ගැස්ට්‍රයිටිස් නිසා වේදනා විදින කෙනෙක් ද? කොයිතරම් බෙහෙත් කරත් අඩුවක් නැද්ද ? එහෙනම් මෙකත් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. මේ ලිපියෙන් අද අපි කථා කරන්නේ කෝමාරිකා ව්‍යංජනයක් හදා ගන්න විදිය ගැන. කෝමාරිකා ව්‍යංජනය අපි ඒ තරම් උයන්නේ නැති වුනාට ගුණ කෑමක්. ඒ වගේම ගැස්ට්‍රයිටිස් වලටත් ගොඩක් හොඳයිලු. කියවලා බලලා වෙනසකටත් එක්ක හදලා බලන්න.

⭕️අවශ්‍ය දේවල්

◀️ලොකු කෝමාරිකා පිති 2 – 3ක්

◀️මිරිස් කුඩු තේ හැදි ½ – 1ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)

◀️තුනපහ කුඩු තේ හැදි ½ ක් පමණ

◀️පෙරුම්කායම් කුඩු ස්වල්පයක් (තිබෙනවා නම් පමණක්)

◀️උළුහාල් ඇට තේ හැදි ¼ ක් පමණ

◀️බුරුයානි මලක් (තිබෙනවා නම් පමණක්)

◀️කරඳමුංගු / එනසාල් ඇට 1 – 2ක් පමණ

◀️සූදුරු ඇට ස්වල්පයක්

◀️කුරුඳු පොතු කැබැල්ලක්

◀️තක්කාලි පේස්ට් මේස හැදි 1ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)

◀️ප්ලේන් යෝගට් මේස හැදි 1

◀️ලුණු (රස අනුව)

◀️තෙල් ටිකක්

⭕️සාදා ගන්නා ආකාරය

◀️මුලින්ම කෝමාරිකා පිති වල කොළ පාට පොත්ත ඇහැලා අයින් කරන් මැද තියෙන විනිවිද පේන හරිය විතරක් අර ගෙන කෑලි වලට කපා ගන්න.

◀️පස්සේ භාජනයක් අරන් ඒකට කෝමාරිකා කෑලියි, ලුණු පොඩ්ඩක් එක්ක වතුර ටිකක් වැඩිපුර දා ගෙන සාමාන්‍ය ගින්දරේ ලිපේ තියන්න.

◀️වතුර හොදට නටන්න ගත්තට පස්සේ තවත් විනාඩි 2 – 3ක් උතුරවන් ලිපෙන් බාලා වතුර පෙරා ගෙන කෝමාරිකා කෑලි අයින් කරලා වතුර බේරෙන්න පැත්තකින් තියන්න.

◀️දැන් පෑන් එකක් ලිපේ තියලා තෙල් ටික දා ගෙන රත් වෙන්න අරින්න.

◀️තෙල් රත් වුණාට පස්සේ ඒකටම කරඳමුංගු, සූදුරු ඇට, කුරුඳු පොතු, බුරුයානි මල, උළුහාල් ඇට දා ගෙන ටිකක් තෙම්පරාදු කර ගන්න.

◀️ඊට පස්සේ ඒකටම මිරිස් කුඩුයි, තුනපහ කුඩුයි, පෙරුම්කායම් කුඩුයි එකතු කරලා ටිකක් බැදෙන්න අරින්න.

◀️දැන් ඒකටම කෝමාරිකා කෑලියි, රස අනුව ලුණුයි දාලා හොදා කලවම් කරන් විනාඩි 2 – 3ක් තෙම්පරාදු වෙන්න දෙන්න.

◀️අන්තිමටම වතුර ටිකකුයි,  තක්කලි පේස්ට් ටිකයි, ප්ලේන් යෝගට් ටිකයි දාලා හොද්ද නටනකන් උයා ගෙන ලිපෙන් බාන්න.

? පහත රූප ඔබට පහසුවක් වෙවි.

⭕️වැදගත් කරුණු

◀️තක්කලි පේස්ට් නැත්තම් සියඹලා ඉස්ම එකතු කර ගන්න පුළුවන්.

◀️ඒ වගේම ප්ලේන් යෝගට්  වෙනුවට මී කිරි (Curd) වුණත් පාවිච්චි කරන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here