යන හැමතැනම පැටියව කරේ තියන් යන සුනඛ අම්මයි ,සුනඛ තාත්තයි

0
172

🐶මේ කියන්න යන්නේ, හරි අපුරු, අම්මා කෙනෙකුයි, තාත්තා කෙනෙකුයි ගැනයි. හැබැයි මේ දෙන්නම මිනිස්සු නම් නෙමෙයි, ලස්සනම ලස්සන  බල්ලෝ  දෙන්නෙක්. එක්කෙනෙක් ටොනි අනිත් කෙනා ටිනි. මෙයාලා ඉන්නේ, වියට්නාමයේ ට්‍රේන් කියන එයාලගේ අයිතිකාරයාත් එක්ක.

🐶මේ තුන්දෙනා හරි ආදරෙන් තමයි ජිවත් වෙන්නේ .  ඒ ආදරේ  කොච්චර ද කියනවනම් ට්‍රේන් යන යන තැන මේ දෙන්නවත් එක්කන් තමයි යන්නේ.කාලයක් යද්දි  ඒක මේ දෙන්නට පුරුද්දකට යනවා. ඉතිං , මෙහෙම කල් ගත වෙද්දි මේ දෙන්නට ලස්සනම ලස්සන පොඩි බලු පැටියෙක් හම්බෙනවා. එයාගේ නම තමයි ටෙඩි.

🐶ටික දවසක් යද්දි, මෙයාලට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මොකද ටොනි යි ටිනි යි තමන්ගේ අයිතිකාර ට්‍රේන් එක්ක හැමතැනම ඇවිදින්න පුරුදු වෙලා නේහ් ඉන්නේ? දැන් ඉතිං, පුංචි ටෙඩි ව කොහෙද තියලා යන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක්.

🐶ට්‍රේන් බලනවා මේකට තමන්ට මොකක් ද කරන්න පුළුවන් කියලා. ටික වේලාවකින් එයාට හොඳ අදහසක් එනවා. එයා ඉක්මණටම ගිහින් එයාගේ පරණ ඩෙනිම් කලිසමකු යි, කතුරයි අරගෙන පුංචි ටෙඩි ගේ සයිස් එකට ලස්සනම ලස්සන බැක්පැක් එකක් මහනවා.

🐶ඊට පස්සේ, එයාලා ඇවිදින්න යන හැම දවසකම මේ පුංචි ටෙඩිවත් බෑග් එකේ දාගෙන කරේ එල්ලන් තමයි යන්නේ. මුල් දවස් වල ට්‍රේන් එයාගේ කරේ ටෙඩිව එල්ලන් ගිහින් තියෙනවා .

🐶පස්සේ, පස්සේ, ටොනි යි ටිනි යි ඒ වැඩේ පුරුදු වෙලා , දැන් කැමැත්තෙන්ම බලු පැටියාව එයාලගේ කරේ අරන් යනවලු. ට්‍රේන් කියන විදියට ටෙඩිත් මේ වැඩේට හරිම කැමතියි ලු. සමහර දවසට ඇවිදලා ඇවිදිලා එද්දි පුංචි ටෙඩි ටොනිගේ පිට උඩම නිදිලු.

🐶ට්‍රොනි නම් කියන්නේ , මේ බලු පැටවුන් නිසා එයා ගොඩක් සැහැල්ලුවෙන් , සතුටින් ජිවත් වෙනවා කියලයි. දැන් මෙයාලා ජිවත් වෙන්නේ එක පවුලක් වගේලු. ඉතිං මෙයාලට හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. පාරේ යන බලු පැටියෙක් දැක්කත් ගලක් ගහලා,  ඌට රිද්දන්න ඉන්න මිනිස්සු අතරේ ට්‍රොනි කියන්නේ, සැබෑ මනුෂ්‍ය ගතිගුණ තියෙන මනුස්සයෙක්.??

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here