ලෝකයේ හොඳම තාත්තයි ,දුවයි

0
154

❤️තාත්තා කෙනෙකුයි, දුවෙකුයි අතර තියෙන සම්බන්ධය වචන වලින් විස්තර කරන්න බැරි තරම්. ඒ හැඟිමේ වටිනාකම දන්නේ තාත්තයි , දුවයි විතරයි. අම්මත් එක්ක නිතරම හිටියත් දුවෙක් වැඩිපුර ලෙන්ගතු වෙන්නේ තාත්තට යි. අපි හැමෝම දන්නවා තාත්තා චුට්ටක් සැර වුනාට අපිට මොනතරම් ආදරේයි ද කියලා.

❤️දුවෙක් ඉපදුන දවසේ ඉඳන් තාත්තගේ හිතේ තියෙන වගකිම , සෙනෙහස හිතේ තද කරන් ඉදලා දුව වෙන කෙනෙක්ගේ වෙලා ගෙදරින් යන දවසට අම්මටත් කලියෙන් කඳුළක් උනන්නේ තාත්තගේ ඇහෙන්. ඒක තමයි දුවෙකුයි තාත්තා කෙනෙකුයි  අතර තියෙන අපුරු බැඳිම.

❤️ඒ වගේ තමන්ගේ දුවට අසීමිතව ආදරය කරන තාත්තා කෙනෙක්ගේ අපුරු වැඩක් ගැනයි මේ කියන්න යන්නේ. තාත්තගේ නම Dave Engledow. මේ ලස්සන ,දඟකාර දුවගේ නම Alice Bee. තාත්තා  වෘත්තියෙන් ජායාරූප ශිලිපියෙක්. එයාට ඕන වෙනවා තමන්ගේ දුවත් එක්ක ළගින් ඉන්න පුළුවන් ,සතුටින් ඉන්න පුළුවන් විදියක් හොයාගන්න . ඉතිං, ඒකට මෙයා තෝර ගන්නේ ෆොටෝ ගහන වැඩේමයි.

❤️හැමදාම ගන්න ෆොටෝ වලට වඩා වෙනස් දෙයක් කරන්න හිතුව ඔහු ඒකට නියම ක්‍රමයක් හොයාගන්නවා. ඒ තමයි හාස්‍යජනක විදියට ෆොටෝ වලට ඉදලා දුවව සතුටු කරන එක. මේ පුංචි දුවත් තාත්තා වගේම නියමෙට මේ වැඩේ කරනවා.

❤️මේ හැම ෆොටෝ එකකම ඔහු Mug එකක් අල්ලන් ඉන්නවා ” World’s  Best Father ” කියලා ප්‍රින්ට් කරපු. ඒකට හේතුව තමයි Dave හිතනවා දුවත් එක්ක මේ විදියට නිර්මාණශීලී ෆොටෝ අරන් අසරණ මිනිස්සුන්ට උදව් කරන්න. Kickstarter කියන සයිට් එකට ෆොටෝ අප්ලෝඩ් කරලා මේ දෙන්නා කරන්නේ ඒ හම්බෙන මුදලින් අසරණ  අයට උදව් කරන එක.

❤️බලන්නකෝ ඒක කොයිතරම් නම් උතුම් ක්‍රියාවක් ද? මේ වැඩේට අම්මා jen ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවලු. ඔහු කියන්නේ මේ වැඩෙන් පවුල අතර තියෙන සහයෝගිතාවය වර්ධනය වෙනවා වගේම හිතේ සතුටෙන් ජිවත් වෙන්නත් පුළුවන් කියලයි.

❤️මේ අපුරු තාත්තටයි දුවටයි ෆේස්බුක් පේජ් එකකුත් තියෙනවා “World’s Best Father ” කියලා. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඔයාගේ ලේ ටිකක් පිරිසිදු කරගන්න පුළුවන් මේ දෙන්නගේ වැඩ නිසා.😂❤️

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here