මොබයිල් එකෙන් ෆොටෝ ගහන වෘත්තිය ජායාරූප ශිල්පියා

0
185

📷කවුද කියන්නේ, වෘත්තිය ජායාරූප ශිල්පියෙක් වෙන්න ලක්ෂ ගණන් වටින කැමරා ආම්පන්න ඕන කියලා. ඒ කථාව බොරුවක් කරපු කෙනෙක් තමයි Philippe Echaroux කියන්නේ. ඔහු ප්‍රංශයේ ඉන්න වෘත්තිය ජායාරූප ශිල්පියෙක් .

📷නිර්මාණශීලීව හිතන , දක්ෂ කෙනෙක් අතට මොන දේ ලැබුනත් එයාලා දන්නවා කොහොමද ඒ දෙයින් වැඩක් ගන්නේ කියලා . ඔහුට ඕන උනා මිනිසුන්ට යම් දෙයක් පැහැදිලි කරලා දෙන්න. මොකක්ද ඒ? ඔහු කියනවා පිරිසක් කථා කරන, සමාජය තුළ කුතුහලයක් ඇතිවෙන විදියේ ප්‍රවිණ දෙයක් කරන්න සෑම විටම ඉහළ මට්ටමේ ආම්පන්න ඕන නෑ කියලා .

📷 තරුණ පරම්පරාව මේ දේවල් හිතට නොගෙන මිල අධික ආම්පන්න පස්සේ ගිහින් දක්ෂතාවය මොට කර ගන්නවා කියලයි ඔහු කියන්නේ . අපේ ළග පාත තියෙන දෙයින් අපි හිතනවට වඩා යමක් කරන්න පුළුවන් බව මොහු පෙන්වා දෙනවා.

📷දැන් සමාජයේ කථාවක් තියෙනවා නේහ්. දක්ෂ ජායාරූප ශිල්පියෙක් වෙන්න හොඳ කැමරාවක් ඒ කියන්නේ DSLR කැමරා එකක්ම තියෙන්න ඕන කියලා . නමුත් පහතින් දැක්වෙන ජායාරූප දිහා බැලුවොත් ඔයාට හිතෙයි මේ මොන බොරු කථාවක් ද කියලා.

📷බලන්නකෝ මේ තරම් සම්භාව්‍ය ගණයේ ජායාරූප ගන්න ඔහු මොනවා ද පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඔයාලා පුදුම වෙයි. මොකද ඔහු මේ සඳහා යොදාගෙන තියෙන්නේ මැක්ඩොනල්ඩ් එකේ පෙට්ටියකුයි, බීම බටයකුයි , පොඩි ටෝච් එකකුයි, එයාගේ මොබයිල් ෆෝන් එකයි විතරයි. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here