හාෆ් ටොන් කිලර් කිලෝග්‍රෑම් වලට බර බස්සවයි

0
195

❤️තමන්ගේ ඇගේ බර වැඩි වෙනවා කියන්නේ ඒක තමන්ගේ ප්‍රශ්නයක් මිසක් කෑමවලවත්, අවාසනාවත් නෙමෙයි. තරබාරුකම නිසා දුකින් ඉන්න අයව මොටිවේට් ට් කරන්න තමයි අද මේ ලිපිය දැම්මේ. මරියගේ කථාව කියෙව්වම ඔයා තේරුම් ගනිවි, මහත කියන්නෙත් ප්‍රශ්නයක් ද? ඒ වෙනුවෙන් දුක් වෙවි ඉන්නවට වඩා ඒ වෙනුවෙන් කැපවෙලා යමක් කරොත් ජිවිතය සතුටින් , නිරෝගීව ඉන්න පුළුවන් බව.

❤️මයිරා රොසෙල් කියන්නේ වයස අවුරුදු 36ක් පමණ වන ගොඩක්ම තරබාරු තරුණියක්. ඇයගේ සිරුරේ බර රාත්තල් 1000ක් . හිතාගන්න පුළුවන් නේ කොච්චර ලොකුවට ඉන්න ඇද්ද කියලා. මෙයා ජිවත් වුනේ ටෙක්සාස් වල තමන්ගේ නැගණිය හා ඇයගේ දරුවන් සමඟයි. මේ Half ton killer’ යන අන්වර්ථ නාමයත් එක්ක බැඳි පවතින්නේ, ඒ තරම් සතුටුදායක හේතුවක් නම් නෙමෙයි. මොකද මේ නම නිසා මේ තරබාරු කමින් පීඩා විඳින තරුණිය සමාජයේ ගර්හාවට පත් වෙනවා.

❤️ මේ නමට හේතුව තමයි, මෙයා තමන්ගේ සොහොයුරියගේ දරුවාගේ මරණ සම්බන්ධයෙන් වැරදිකාරිය ලෙස බොරුවට වැරැද්ද පිළිගැනීම . මෙයා එහෙම කරේ තමන්ගේ නංගිව බේරගන්න.මොකද අවුරුදු 2ක් වයස ඒ දරුවා මියගියේ ඇගේ නැගණිය මේ දරුවාගේ හිසට එල්ල කල පහරකින්.

❤️කොහොමහරි තමන්ගේ තරබාරු කමත් එක්ක ජීවිතය ගැන කලකිරීමෙන් හිටපු මයිරා මේ වරද තමන් කල බවට පිළිගත්තත් මර පරීක්ෂණ වාර්තාවෙන් එය අසත්‍යක් බවට තහවුරු වුනා. අන්තිමේදී මයිරා ඇත්ත කතාව උසාවියේදී හෙලිකලා. ඊටපස්සේ අගේ සොහොයුරියට වසර 15ක සිරදඬුවමක් ලැබුණා.

❤️ඒ නිසා, මයිරා තමන්ගේ නැගණියගේ දරුවන් ආදරයෙන් රැකබලාගැනීම සඳහා කෙසේ හෝ ජීවිතය මුහුණදෙන බවට අධිෂ්ඨාන කරගත්තා. 2011 වසරේ සිට ඇය සැත්කම් 11කට ම භාජනය කෙරුණා. ඒවගේම අමතරව එල්ලා වැටෙන සමත් ඉවත් කෙරුණා. ඒ වගේම කෑම ගැන එයා හිතන විදියත් එයා වෙනස් කරගත්තා. “ඉස්සර මම හිතුවේ ජිවත් වෙන්නේ කන්න කියලා. ඒ වුනාට දැන් මන් හිතන්නේ කන්නේ ජිවත් වෙන්න කියලා” ඇය පවසා සිටියා.

❤️මැය සම්බන්ධයෙන් කටයුතු කල වෛද්‍ය Younan Nowzaradan මහතා පවසා සිටියේ ඇයගේ වෙනස සැබවින්ම පුදුමාකාර බවයි. එකතැනකට වෙලා ඉද්දි ජිවිතේ එපා වෙලා හිටියේ. එත් ටික ටික මේ දේවල් වෙනස් වෙලා ඇවිදින්න පටන්ගත්තම එයාගේ ජිවිතයට අලුත් බලාපොරොත්තු ලැබුණා. මිනිස්සුන්ගේ ජිවිත වෙනස් වෙන ආකාරය හරිම පුදුමාකාරයි. ඔහු පවසා සිටියා.

❤️මයිරාට ක්‍රියාකාරී Facebook ගිණුමක් තිබෙන අතර ඇය තම Facebook ගිණුම හරහා තරබාරු බවින් පෙළෙන පුද්ගලයන්ට උපදේශණ සේවයත් ලබාදෙනවා. ඇයගේ ශරීරයේ බර මේ වන විට රාත්තල් 200ක් තවත් රාත්තල් කිහිපයක් අඩු කරගැනීමට කැමැත්තෙන් සිටිනවා. බර අඩුවීමත් සමඟ ඇයගේ ශරීරයේ ඉන්ද්‍රියන් ද යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව දැනගන්නට ලැබෙනවා. ඒ වගේම ඇයට දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ අධිරුධිර පීඩනය වැනි ලෙඩ රෝග නොමැති බවත් සතුටින් කියා සිටියා.

❤️මේ කථාව දිහා බැලුවම  තේරෙන්නේ අපිට මේ ලෝකයේ කරන්න බැරි දෙයක් නෑ කියලයි. මොකද මට පුළුවන් කියන සිතුවිල්ල තමන්ගේ හිතට දැනුන දවසේ ඉඳන් ජිවිතයේ ඕනම ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්.

❤️ජිවිතයේ කඩා වැටුන තැන් වලදි තමයි අපේ හංගුන ශක්තිය එලියට එන්නේ. මරියට උනෙත් ඒ දෙයමයි. ඒ නිසා ඔයත් තරබාරුකම ප්‍රශ්නයක් කර ගත්ත කෙනෙක් නම් මේ කථාව හොඳින් කියවලා, අද ඉඳන්ම වැඩේ පටන් ගන්න. අනිවාර්යයෙන් ඔයා දිනනවාමයි. !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here