කොණ්ඩේ කැපුවත් හිරේ දාන උතුරු කොරියාවේ අමුතු නීති

0
172

⏹උතුරු කොරියාව යනු, ඒකාධිපති පාලනයක් යටතේ පාලනය වන, මානව හිමිකම් අමු අමුවේම උල්ලංඝණය කරන රටකි. මානව හිමිකම් උපරිමයෙන් භුක්ති විදින අපිට , උතුරු කොරියාව යනු, එක්තරා පිස්සන් කොටුවක් පමණි . එසේම, උතුරු කොරියානු වැසියන්ට අනෙකුත් රටවල් සුර පුරයක්ය. අද ලිපියෙන් කථා කරන්නේ, මුග්ධ උතුරු කොරියානුවන්ගේ අමුතු නීති ගැනයි. අපිට ලැබි ඇති නිදහසේ වටිනාකම ලිපිය අවසානයේදි ඔබට අනිවාර්යයෙන්ම දැනෙනු ඇත.

🌼දේදුනු දෙකක් යටින් උපන් උතුරු කොරියාවේ කුමරු.

උතුරු කොරියානු පවුල් පාලනය යටතේ දැනට පාලකවරුන් තුන්දෙනෙක් උතුරු කොරියාව පාලනය කර ඇත.  උතුරු කොරියාවේ වත්මන් පාලකයා වන්නේ කිම් ජෝන්-උන් ය.  ඔහුගේ පියා වන කිම් ජෝන් ඉල් හා සීයා වූ  කිම් ඉල් සුන් ද උතුරු කොරියාවේ පාලකයන් විය.  වර්තමානයේ රට පාලනය කරන කිම් ජෝන් උන්ව මිනිසුන් දේවත්වයෙන් අදහනු ලබන්නේ ” දේදුනු දෙකක් යටින් උපන් කුමරා” යන අදහසිනි.  එය මිනිස්සුන්ගේ ඔළු වලට දමා ඇත්තේ ද මුග්ධ පාලකයන් විසින්මයි.

🌼රජයේ අනුමත කොන්ඩා මෝස්තර

කොන්ඩ මොස්තරය කියන්නේ යම් පුද්ගලයකුගේ බාහිර පෙනුමේ කැපී පෙනෙන අංගයක්. අපේ කොණ්ඩය අපිට ඕන විදියට කපන්න පුළුවන් ,නැත්තම් වවා ගන්නත් පුළුවන් . නමුත් උතුරු කොරියානුවන්ට තමන්ට කැමති කොණ්ඩා මෝස්තරය කපන්නට වාසනාවක් නැ. උතුරු කොරියානු රජය විසින් සම්මත කොණ්ඩා මෝස්තර 28ක් නම් කරලා තියෙනවා .

⏹පිරිමින්ට මොස්තර 10ක් හා කාන්තාවන්ට මොස්තර 18ක් රජය මගින් පණවා තිබෙනවා. මේ මොස්තර 28න් එකක් පමණයි උතුරු කොරියානුවන්ට කපන්න පුලුවන්. කොණ්ඩයේ උපරිම දිග ප්‍රමාණය සදහාද නිති රෙගුලාසි උතුරු කොරියාව තුල පවතිනවා.මෙහිදි සැලකිය යුතු තවත් කාරණාවක් නම්, උතුරු කොරියානු නායකයාට මෙම කොණ්ඩා මොස්තර නිතිය වලංගු නොවිමයි. එමෙන්ම උතුරු කොරියාවේ නායකයාගේ කොණ්ඩා මොස්තරය රටේ අන් කිසිවෙකුට කැපිමටද තහනම්. සාමාන්‍ය ජනතාවට එක නීතියකුත් , රටේ නායකයා ට වෙන නීතියකුත් තියෙන අමුතු රටක් තමයි උතුරු කොරියාව .

🌼අගනුවර ජිවත් විමට විශේෂ අවසරයක් තිබිය යුතුයි.

අපේ රටේ අගනුවරට යන්න අපිට විශේෂ අවසරයක් අවශ්‍ය නැනේ. නමුත් උතුරු කොරියාවේ අගනුවර වන පියැන්ග්යොන්ග් නගරයේ ජිවත් වෙන්නට රජයෙන් විශේෂ අවසරයක් ගන්නට ඕනා. උතුරු කොරියානු නායකයින් ගේ අදහසට අනුව,  අගනුවර ජිවත් විය යුත්තේ ධනවත් සාර්ථක බුද්ධිමත් මිනිසුන් පමනයි. ඒ නිසා දුප්පතුන්ට අගනුවර තැනක් හිමිවන්නේ නැ.   රටේ අනෙක් නගරයන්ට සාපෙක්ෂව පියැන්යොන්ග් නගරයේ පහසුකම් සහිතයි. සාපෙක්ෂව දවසේ වැඩි වේලාවක් විදුලි බලයද ලැබෙනවා. ආහාර පාන අතින්ද තරමක් පොහොසත් නගරයක්. පියැන්ග්යොන්ග් නගරය වෙත අනවසරයෙන් පුද්ගලයින් ඇතුල්විම වැලැක්විම සදහා විශේෂ මුරකරුවන් යොදවා තිබෙනවා. උතුරු කොරියානු වැසියන් දුප්පත්කමින් මිරිකි සිටින නමුත් රටේ පාලකයන් ලෝකයට පෙන්නන්න උත්සාහ කරන්නේ ලෝකයේ තියෙන පොහොසත්ම රට තම රට කියලයි.

🌼බයිබලය ළඟ තබාගැනිම මරණ දඩුවම් ලැබිය හැකි වරදකි.

⏹උතුරු කොරියාව තුල බයිබලයක් ලගතබා ගැනිම සිරදඩුවම් ලැබ මරණිය දණ්ඩනය ලැබිය හැකි වරදකි. උතුරු කොරියානු පාලනය විසින් බයිබලය, බටහිර සංස්කෘතික සංකේතයක් ලෙස විශ්වාස කිරිම මෙම වාරණය පැනවිමට හේතුවයි. තමන්ට කැමති ආගමක් ඇදහිමට තරම්වත් ඒ රටේ මිනිස්සු වාසනාවන්ත නෑහැ.

🌼අනවශ්‍ය පුද්ගලයන්ට වාහන මිළට ගන්න බෑ.

⏹උතුරු කොරියානුවන්ට තම සිතැගි පරිදි පෞද්ගලික වාහනයක් තබාගැනිමට අවකාශ නැ. පෞද්ගලික වාහනයක් ලබාගැනිමට අවශ්‍ය නම් ඒ සදහා රජයෙන් විශේෂ ඉල්ලිමක් කල යුතුයි. උතුරු කොරියාවේ පෞද්ගලික වාහන ඇත්තේ, ධනවත් ව්‍යාපාරිකයින්ට, ඉහල හමුදා ප්‍රධානින්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටයි. වාහනයක් තිබුනත් උතුරු කොරියායවේ නිදහසේ ඇවිදින්න සැමට අවකාශ ලැබෙන්නේ නැ.මෙම රථවාහන සීමා හේතුවෙන් උතුරු කොරියාවේ මහාමාර්ග පාලු ස්වභාවයක් ගන්නවා .

🌼ඡන්දය දැමීම අනිවාර්යයි.

⏹උතුරු කොරියාව තුල සැම වසර 5කට වරක්ම මැතිවරණයක් පැවැත්වෙනවා. මෙම මැතිරණයේදි සැම ඡන්ද දායකයකුම ඡන්ද පොලට ගොස් ඡන්දය ප්‍රකාශ කිරිම අනිවාර්යයි. ඡන්ද පොලේදි ලැබෙන ඡන්ද පත්‍රිකාවේ තියෙන්නේ එක් අපේක්ෂකයකුගේ නම විතරයි. ඔබට දැන් හිතාගන්න පුළුවන් නේද? උතුරු කොරියාවේ ඒකාධිපති පාලනයේ තරම.

🌼එක් අයකුගේ වැරැද්දට පවුලටම දඩුවම්.

⏹උතුරු කොරියානුවකු වරදක් කලහොත් ඔහුගේ පවුලටම දඩුවම් කිරිම එරට නීතියයි. එක් අයකුගේ වැරැද්දකට පවුලක්ම මරණයට පත්වූ අවස්ථා බොහොමයක් වාර්තා වෙනවා. මෙය කොතරම් සාදාචාර සම්පන්නද කියලා හිතලා බලන්න. මේක නම් ලොකු අපරාදයක් මිනිසුන්ට කරන. හේතුව එක් අයෙකුගේ වරදට පවුලටම දඩුවම් කිරිම ඒ තරම් සුදුසු දඩුවම් ක්‍රමයක් නෙමෙයි.

🌼මිනිස් මල ඇසුරින් පොහොර

⏹උතුරු කොරියාව කෘෂි ආර්ථිකයක් මත පදනම් වූ රටක්. ඔවුන්ට පොහොර අත්‍යවශ්‍යමයි. නමුත් ආර්ථික සම්බාදක හේතුවෙන් උතුරු කොරියාවට ප්‍රමාණවත් තරම් පොහොර ලැබෙන්නේ නැ. මේ ගැටලුවට ඔවුන් අපූරු පිලියමක් භාවිතා කරනවා. මිනිස් මල අපද්‍රව්‍ය ඇසුරින් සාර්ථක ලෙස උතුරු කොරියාව තුල කාබනික පොහොර නිපදවිම සිදුකෙරෙනවා.

🌼රජයේ අනුමත රූපවාහිනි නාලිකා

⏹අපිට නම් රූපවාහිනියක් දැම්මාම බලන්න කොච්චර නම් නාලිකා තියනවාද? එපා වෙනකන් බලන්න නාලිකා තියෙනවා .ඒත් මදි නම් පිට රට ඒවා බලන්නත් පුළුවන් . නමුත් උතුරු කොරියාවේ එහෙම නැ. උතුරු කොරියානුවන්ට නරඹන්නට හැකියාව තියෙන්නේ රජයේ දැඩි අධික්ෂණය යටතේ පවතින නාලික 3ක් පමණයි. මේ නාලිකා වලින් උදේ ඉදන් රැ වෙනකං කරන්නේ උතුරු කොරියානු දේශපාලන න්‍යායපත්‍රය බෙදාහැරිම පමණයි. දේශපාලන වැඩසටහනක් තියෙන නාලිකාවක් දැක්කොත් ඉක්මණටම වෙන නාලිකාවකට මාරු කරන අපිට නම් ඇත්තටම උතුරු කොරියාව යනු , පිස්සන් කොටුවක්ම විතරයි.

⏹රේඩියෝ නාලිකා වලට අත්ව ඇති ඉරණමත් මේකයි. ඔයාලා කොරියානු ගුවන් සේවයේ ගුවන්යානාවක ගියත්, ඔයාලාට අහන්න දකින්න ලැබෙන්නේ උතුරු කොරියානු නායකයින්ගේ ගුණ වයන වැඩසටහන් පමණයි.

🌼ඉන්ටර්නෙට් යනු ?

⏹උතුරු කොරියාව ඉන්ටර්නෙට් පහසුකම් දැඩි ලෙස වාරණය කරලා තියෙනවා. ඉන්ටර්නෙට් බාවිතා කරන්නට අවස්ථා ලැබෙන්නේ රජයේ ඉහල නිලධාරින්ට හා ඔවුන්ගේ පවුල්වල අයට පමණය

⏹ඒ ගැන නොදන් පිරිස් බොහොමයි. ඉන්ටර්නෙට් අපිට නම් ඔක්සිජන් වලටත් වඩා වටිනවා දැන්. ?

🌼උතුරු කොරියාවටම ආවේණික මෙහෙයුම් පද්ධතිය

⏹උතුරු කොරියාව දැඩිලෙස බටහිර නිෂ්පාදන ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා Windows හා Mac os යන මෙහෙයුම් පද්ධතින් උතුරු කොරියාව තුල බාවිතා වන්නේ නැ. උතුරු කොරියානු පරිගණක වල භාවිතා වන්නේ Red star os  නම් ඔවුන්ටම ආවේණික මෙහෙයුම් පද්ධතියකුයි.

🌼අන්තර්ජාතික ඇමතුම් වාරණය.

⏹උතුරු කොරියානුවකුට හිතුන වෙලාවක අන්තර්ජාතික ඇමතුමක් ගන්නට අවකාශය ලැබෙන්නේ නැ. ඔවුන් ඒ සදහා විශේෂ අවසරයක් ලබාගත යුතුයි. අනවසරයෙන් ඇමතුම් ලබාගත්තොත්, මරණයෙන් වුවද වන්දිගෙවිය හැකියි. Viber, Whatsapp කියන්නේ ඉතිං උතුරු කොරියාවට සැබෑ නොවෙනා හීනයක් විතරයි .පොඩ්ඩක් හිතන්න ඒ මිනිස්සු කොයිතරම් අසරණ ද කියලා .?

🌼උතුරු කොරියාවටම විශේෂ කැලැන්ඩරය.

⏹ලොවම බාවිතා කරන ග්‍රෙගරියන් කැලැන්ඩරය, උතුරු කොරියානුවන් භාවිතා කරන්නේ නැ. ඔවුන් භාවිතා කරන්නේ තම හිටපු නායක කිම් ඉල් සුන් ගේ උපන්දිනය(1912 අප්‍රේල් 15) ඇසුරින් සැකසු  ජූශෙ කැලැන්ඩරයයි.

⏹මෙම කැලැන්ඩරයේ වසර ආරම්භය ලෙස සැලකෙන්නේ අප්‍රේල් 15 වැනි දිනයි.  අපි දැන් ඉන්නේ ක්‍රි.ව 2017 වසරේ වුවත්, ජූශෙ කැලැන්ඩරයට අනුව මෙම වසර 105 වැනි වසරයි.

🌼උතුරු කොරියාවට වෙනම කාල කලාපයක්

⏹අන්තර්ජාතික කාල කලාප වලින් ඔබ්බට ගොස් උතුරු කොරියාව විසින් තමන්ටම ආවේණික කාල කලාපයක් සාදාගෙන තියෙනවා.මෙම කාල කලාපය Pyongyang Time ලෙස හදුන්වනවා.

🌼කංසා නිත්‍යානුකුලයි

⏹උතුරු කොරියාව තුල කංසා, මත්ද්‍රව්‍යක් ලෙස නොසැලකේ. බොහෝ උතුරු කොරියානු සාම්ප්‍රදායික ඖෂධ සැදිමේදි කාංසා භාවිතා කරයි.කලකට පෙර උතුරු කොරියාවේ සංචාරය කල මාධ්‍යවේදියකු විසින් සාමාන්‍ය වෙලදපොලෙන් කාංසා මිලදි ගත් හැටි ඡායාරුප ගතකර  අන්තර්ජාලයට මුදාහැරියේය.

🌼පාසල් යනවානම් ඩෙස් පුටුත් අරන් එන්න.

⏹උතුරු කොරියානු පාසල් සිසුවෙකු පාසලට ඇතුලත් කරන විට, ඒ සිසුවාට අවශ්‍ය ඩෙස් පුටු ආදිය දෙමාපියන් විසින් ලබාදිය යුතුයි. එමෙන්ම පාසල් ගොඩනැගිලි සැදිමට අවැසි අමුද්‍රව්‍යයද දෙමාපියන් විසින්ම ලබාදිය යුතුයි.පාසල් වේලාව තුලදි සිසුන්ව පාසල පිරිසිදු කිරිමේ කටයුතු වල සැලකිය යුතු වේලවක් යොදවනු ලැබේ. මේ හේතුවෙන් බොහෝ දෙමාපියන් ගුරුවන් වෙත අල්ලස් දී තම දරුවන් මෙම වැඩ වලින් ඉවත්කර තැබිම සිදුකරයි.

🌼ලොව විශාලතම ක්‍රිඩාංගණය ඇත්තේ උතුරු කොරියාවේය.

⏹114,000 පමණ අසුන් ගත හැකි ලොව විශාලතම ක්‍රිඩාංගණය වන මෙය නමින් Rungrado 1st of May Stadium ලෙස හදුන්වයි.

🌼දේශ සිමා අසල බොරු නගරය.

⏹කොරියානු දේශ සීමා අසල උතුරු කොරියාව විසින් Kijong-dong  නම් දැවැන්ත නගරයක් නිර්මාණය කර ඇත. උතුරු කොරියාව පවසන ආකාරයට මෙම නගරය තුල පාසල්,වෙලද සංකීර්ණ, රෝහල් ඇතුලු සියලුම පහසුකම් සහිත ජනාකීර්ණ නගරයකි.

⏹නමුත් පසුව සිදුකල පරික්ෂණ වලින් හෙලිවූයේ මෙම නගරය ගොඩනැගිලි පමණක් සහිත සම්පූර්ණයෙන්ම ජනශූන්‍ය නගරයක් බවයි. තම රටේ සෞභාග්‍ය පෙන්විම සදහා උතුරු කොරියාව විසින් සිදුකල රගදැක්විමක් ලෙස මෙම නගරය සැලකේ.එමෙන්ම දේශ සිමාව අසල උසම කොඩිගස තැනිමේ තරගයක්ද උතුරු – දකුණු කොරියා අතර පවති.

🌼උතුරු කොරියාවට යන්න ආසද?

⏹ඔබට උතුරු කොරියාවේ සංචාරයකට යන්න ආස හිතෙන්න පුලුවන්. නමුත් ඔබට ඒ සදහා දිර්ඝ ක්‍රියාවලිකට භාජනය වෙන්න වේවි. ඔබ උතුරු කොරියාවට ගියත් ඔබේ සැම පියවරක් නිරික්ෂණය කිරිම සදහා ඔත්තුකරුවන් සිටිවි.ඔබට facebook දාන්න සෙල්ෆි නම් ගහන්න ලේසි වෙන්නේ නැ. ඔබ මේ සියල්ලටම පූර්ව අනුමැතියක් ගන්න ඕනා.Facebook යන්න බැරි නම් අපිට හිනෙන්වත් ඒ රටට නම් යන්න ඕන වෙන එකක් නැහැ.

🌼උතුරු කොරියාවෙන් පැනයාම නම් ලේසි නැ.

⏹මේ සියලු නිති යටතේ ජිවත් වෙන්න පුලුවන්ද කියලා ඔබට හිතෙනවා ඇති. උතුරු කොරියානුවන්ට තම රට හැර යාම තහනම්. හදිස්සියෙවත් රටින් පනින්න ගිහින් අහුවුනොත් ලැබෙන දඩුවම් සුලුපටු නැ.

🌼මහජනයා දුක් විදිද්දි සැප විදින ඉහල පැලැන්තිය.

⏹අධික ලෙස පන්ති භේදය උතුරු කොරියාව තුල දක්නට ලැබෙනවා. සැම ආර්ථික සාමාජිය දර්ශකයකම උතුරු කොරියාව ඉන්නනේ පල්ලේහාම තැනක. නිලධාරිවාදය හා දූෂණය නිසා උතුරු කොරියානුවන්ට ප්‍රමාණවත් තරම් පහසුකම් ලැබෙන්නේ නැ කියලා පැහැදිලි නේ.

⏹හිතලා බලන්න උතුරු කොරියානුවන්ගේ මානව හිමිකම් කොච්චරටම කඩ වෙලාද කියලා. එක පාලකයෙක් යටතේ දහස් ගණන් මිනිසුන් අසරණ වෙලා ඉන්න හැටි ඔබට පැහැදිලි යි ද දැන්? මානව හිමිකම් කඩකලා යැයි අපිට චෝදනා කරන අය මේවට ඇයි කථා නොකරන්නේ?. ලෝකේ කොහේ යන්න අපි හීන දැක්කත්, ලංකාව ලෝකයෙන්ම උතුම් රට කියන්නේ ඒ නිසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here