අවන් එකක් නැති අයට ගෙදරදිම හදා ගන්න පුළුවන් පුඩිම

0
250

🍮 මේ කියන්න යන්නේ, අවන් එකක් නැති අයට ගෙදරදිම පුඩිමක රසවිඳින්න පුළුවන් අවස්ථාවක් ගැනයි. දැන් ගෙදර අවන් එකක් නැහැ කිය කියා ලත වෙන්න ඕන නැහැ. බලන්නකෝ , මේ ලිපිය කියවලා . ඊට පස්සේ, ඔයාට පුළුවන් මේ රෙසෙපිය ගෙදරදිම  ට්‍රයි කරලා පුඩිම් කෑල්ලක රස බලන්න. ඔන්න දැන් අපි හදන්න පටන් ගනිමු.

🍮අවශ්‍ය දේවල්

▶️පාන් පෙති 10-12

▶️දිය කරගත් බටර් මේස හැදි 5

▶️බිත්තර 3

▶️කිරි 250ml

▶️සීනි කෝප්ප 1

▶️වියලි මිදි කෝප්ප 1/4

▶️කජු 1/4

▶️සාදික්කා කුඩු මේස හැදි 1/4

▶️වැනිලා තේ හැදි 1

🍮 සාදාගන්නා ආකාරය

▶️මුලින්ම පාන් වල වාටි අයින් කරගන්න. ඊට පස්සෙ ටිකක් ලොකු බෝල් එකක් වගෙ එකක්  අරගෙන ඒකට ඒ ටික දමා ගෙන අතින් හොදට පොඩි කෑලි වෙන්න පොඩි කරගන්න.

▶️ඊට පස්සෙ එකට දිය කරගත් බටර්, කිරි, බිත්තර, සීනි, සාදික්කා කුඩු පිලිවෙලට එකතු කරගන්න.

▶️ඒ හැමදේම දාලා හොදට කවලම් කරගත්තට පස්සෙ වැනිල ටිකත් එකතු කරගන්න.

▶️ඊට පස්සෙ බටර් ගා ගත්තු තැටියකට ඒ මිශ්‍රණයට දාගන්න. කැමතිනම් මිශ්‍රණයට උඩින් කජු, වියලි මිදි එහෙම දාගන්නත් පුලුවන් ඔයාලට.

▶️ඊලගට විනාඩි 30-45 වගේ වාශ්පයෙන් තම්බගන්න. වැඩේ ඉවරයි. එච්චරයි! පුඩින් එක තැම්බුණාට පස්සෙ ඔයාලට කෑමට ගන්න පුලුවන්..

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here