පොත් අතරින් ලෝකයේ පුංචිම පොත

0
139

⏹මේ වෙනකම්ම ලෝකයේ කුඩාම පොතට හිමි වාර්තාවට උරුමකම් කිව්වේ ජපානයේ Flowers Of The Four Season නම් කෘතිය යි. ජපානයේ මුද්‍රණ සමාගමක් විසින් නිෂ්පාදනය කළ මේ පොතෙහි දිග පළල 0.75×0.74 මිලිමීටර තරම් වන අතර පිටු 22කින් යුක්ත වුනා. තේමාව වි තිබුනේ, ජපානයේ ඍතු හතරේදි පිපෙන විවිධ මල් වර්ග සහ ඒවාට අදාල පින්තූර යි. මුද්‍රණය කර තිබුනු පොත් 350න් පොත් 149ක් විකිණි තිබු අතර ඒ සඳහා  යළි අභියෝගක් නොයෙනු ඇතැයි ද විශ්වාසයෙන් පසු වුනා.

⏹තත්ත්වය මෙසේ තිබියදී එතරම් කුඩා පොතටත් අභියෝග කිරීමට සමත් ඊට වඩා 88 ප්‍රමාණයක්‌ කුඩා වූ පොතක්‌ රුසියානු ජාතික නිර්මාණකරුවකු මෑතකදී නිමකර අවසන් කළේ ඉදිරියේදී ලොව කුඩාම පොත නිර්මාණය කිරීමට ඉදිරිපත් වන තැනැත්තාට ඉතා අපහසු ඉලක්‌කයක්‌ භාර කරමිනි.

⏹රුසියාවේ ජිවත් වුනු වැල්ඩිමර් ඇනිස්කින් නම් රචකයා පොත් ලිවිමට අමතරව ඉතා කුඩා සියුම් දේවල් නිර්මාණය කිරිමේ දක්ෂයෙක් ද විය. ඔහු විසින් මාසයක්‌ පුරා වෙහෙසී, තම දෑතින්ම ඉතා කුඩා ප්‍රමාණයේ පොත් 2 ක්‌ නිර්මාණය කර ඇති අතර, ඒවායේ ප්‍රමාණය 0.07×0.09 මිලිමීටර වේ.

⏹ මේ පොත්වල පිටු පොලියෙස්ටර් වලින් නිමකර ඇති අතර පොත් බැඳිම සඳහා ටංග්ස්ටන් වලින් නිර්මාණය කළ වළළු භාවිතා කර ඇත. පොත් දෙකම Lithography නම් ක්‍රමයට මුද්‍රණය කර ඇති අතර මසක පමණ කාලයකින් සියළු වැඩ නිම ඇත. මේ පොත් කොයිතරම් තරම් කුඩා ද යන්න ලොවට පෙන්විම සඳහා ඔහු භාවිතා කර තිබුනේ පොපි ඇට පියළි දෙකකි. ඔබ විශ්වාස කරනවා ද? මේ පොත් දෙකම තියලා තියෙන්නේ පොපි ඇට පියළි දෙකක් මත බව. ඔහුගේ මෙම පොත් දෙක දැනට රුසියාව තුළ කුඩාම පොතට හිමි වාර්තාව උසුලන 0.64×0.66 මිලිමීටර ප්‍රමාණයේ රුසියානු ජාතික ගීය ඇතුලත් පොතට ලෙහෙසියෙන්ම අභියෝග කරනවා.

⏹පොත් නිර්මාණය කිරිම සඳහා මසකට අඩු කාලයක් ගියත් ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණය ප්‍රගුණ කිරීමට ඔහුට වසර 5 ක්‌ ගත වි තිබේ. මෙම පොත් දෙකෙන් එකක්‌ ඔහු මුද්‍රණය කර ඇත්තේ 1881 දී නිකොලායි ලෙස්‌කොව් (Nikolai Leskov) විසින් රචිත ‘Steel Flea” යන කතාව වන අතර අනෙකෙහි රුසියානු හෝඩිය මුද්‍රණය කර තිබෙනවා.

⏹පොත්වල පිටු බැඳීම සඳහා ඔහු මයික්‍රෝන 5 ක්‌ තරම් ඉතා අඩු ඝනකමකින් යුතු ටංග්ස්‌ටන් කම්බි යොදා තිබෙනවා. පිටුවක දෙපසම මුද්‍රණය කර ඇති මෙම පොත් පෙරළීමට ඔබට ඉතා මුවහත් තුඩක්‌ සහිත ඉඳිකටුවක්‌ වැනි දෙයක්‌ අවශ්‍ය වෙනවා . අවසන් කළ පොත් ඔහු ප්‍රදර්ශනයට තබා ඇත්තේ පොපි පියලි මත තැබූ රන් පත්‍ර මතයි.

⏹මේ පිළිබඳව පොත්වල නිර්මාණකරු වන වැල්ඩිමර් ගේ අදහස වි තිබුනේ, මෙසේයි.

” මම කුඩා කාලයේ ඉදන්ම මෙවැනි සියුම් නිර්මාණ කරන්න කැමතියි.ඒ වගේම පොඩි කාලේ ඉදන් මට අවශ්‍ය උපකරණ හදා ගත්තේ මා විසින්මයි. සියුම් දෑ නිර්මාණය කිරිම හිතන තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි. මොකද මේ පොත් නිර්මාණය කිරිමේදි ඒවා මගේ ඇඟිලි තුඩු අතර රඳවාගන්න ඕන වුනා. සමහරවිට මෙවැනි සියුම් නිර්මාණ වලදි  ඔයාගේ හදවතේ ගැස්මත් බාධාවක් වෙවි.”

⏹මේ ලොව කුඩාම පොත නිර්මාණය කළ නිර්මාණ ශිල්පීයාගේ අදහසයි. ඔහු පවසන විදියට සියුම් දෑ නිර්මාණය කිරිමට පෙර ඉවසිම බොහෝ සේ ප්‍රගුණ කළ යුතුය. ඒ නිසා ඔයත් මෙවැනි නිර්මාණ කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් මුලින්ම ඉවසිම පුරුදු පුහුණු වෙලා ඉන්න එක හොඳයි නේද?.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here