ක්‍රීම් ක්‍රැකර් වලින් කට්ලට් හදමු

0
273

❤️ක්‍රීම් ක්‍රැකර් වලින් කටිලට් හදන්න පුළුවන් ද? ඔව් පුළුවන් . ඒ ගැන තමයි අපි අද මේ ලිපියෙන් කියලා දෙන්න යන්නේ. ක්‍රීම් ක්‍රැකර් නොකන අයනම් මේ විදියට කයි මදි නොකියන්නම. ලිපිය කියවලා බලලා ගෙදරදි පොඩි ට්‍රයි එකක් දිලා බලන්නකෝ.

❤️අවශ්‍ය දේවල්

🔆ක්‍රීම් කැකර් (බිස්කට්)

🔆කට්ලට් එක ඇතුලට දැමීමට පිරවුමක

🔆පාන් පිටි

🔆බිත්තරයක්

🔆ලුණු

🔆වතුර

🔆බිස්කට් කුඩු

🔆තෙල්

❤️සාදාගන්නා ආකාරය

🔆මුලින්ම සාමාන්‍ය  විදියට කට්ලට් හදාගන්න අවශය වන පිරවුමක් සාදා ගන්න ඕන . එක නම් සාමාන්‍ය කට්ලට් වලට හදන පිරවුම වගේමයි.

🔆මාළු, සැමන් වගෙ කැමති දෙයක් හදලා කට්ලට් එක ඇතුලට දාන්න ඕන පිරවුම ලෑස්තිකරගන්න.

🔆ඊට පස්සෙ පාන් පිටි, බිත්තරයක්, ලුණු පොඩ්ඩක් හා වතුර දමා කවලම් කර උකු බැටරයක් (උකු මිශ්‍රනයක්) හදා ගන්න. සාමාන්‍යයෙන් කට්ලට් හදන්න හදන බැටරයට වඩා ටිකක් උකුවට හදා ගන්න වෙනවා.

🔆දැන් ක්‍රීම් කැකර් ලොකු හෝ කුඩා කැමති ප්‍රමාණයෙන් ගන්න. ක්‍රීම් කැකර් එකක් අරන් ඒක උඩින් අපි හදපු පිරවුම තියන්න. ඒක එක ගානකට සාමාන්‍ය උසකට අතුරා ගන්න .

🔆 ඊට පස්සේ අනිත් බිස්කට් එක ඒක උඩින් තියා ගන්න. පස්සේ වටේ ගානට එන්න හදා ගන්න.

🔆ඊට පස්සේ අර බැටර් එකේ තවරලා බිස්කට් කුඩු වටේට තවරාගෙන බැදගන්න.

❤️සාමාන්‍ය කට්ලට් හදනවා වගේමයි. වෙනසකට තියෙන්නේ ක්‍රිම් ක්‍රැකර් බිස්කට් ගන්න එක. ඒත් වෙනසකටත් එක්ක , කට්ටියවම පුදුම කරවන්න නම් මරු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here