පිටි නැතුව කේක් හදමු

0
452

🌼 පිටි නැතුව කොහොමද අපි කේක් හදන්නේ. මේක දැකපු ගමන් ඕන කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන් . ඒත් පිටි නැතුව කේක් හදන ක්‍රමයක් තියෙනවා.

🌼ඒ ගැන තමයි අද අපි මේ ලිපියෙන් කියන්න යන්නේ. පිටි වර්ග භාවිතා නොකර හදන්න පුළුවන් රසම රස කේක් වර්ග තියෙනවා .  ඔයාලා දන්නවා ඇති චීස් කේක් කියන්නේ, එහේම කේක් වර්ගයක්.

🌼අද හදන්න  යන කේක් එකේ නම ”  ජැපනීස් කොටන් චීස් කේක්” . මේ කේක් හදන්න ගොඩක් ලේසියි වගේම පිටි දැම්මේ නැහැ කියලා රසේ අඩුවකුත් නැහැ.

🌼 අවශ්‍ය දේවල්:

💧බිත්තර 3ක්

💧සුදු චොකලට් 120g

💧ක්‍රීම් චීස් 120g

🌼සාදාගන්නා ආකාරය:

💧මුලින්ම උෂ්ණත්වය 170°C (338°F) වලට දලා අවන් එක රත් වෙන්න දා ගන්න.

💧ඊට පස්සෙ බිත්තර ටික කඩලා සුදු මද ටික ටිකක් ලොකු භාජනයකට  දාගෙන කහ මද ටික වෙනම භාජනයකට දා ගන්න.

💧සුදු මද දාගත්ත භාජනේ ලන්ච් ශීට් එකකින් වගේ ආවරණය කරලා ෆ්‍රිජ් එකට දා ගන්න.

💧සුදු චොකලට් ටික අරගෙන කෑලි වලට කඩලා ලොකු භාජනයකට   දා ගන්න.

💧 ඊට පස්සෙ චොකලට් ටික ඩබල් බොයිල් ක්‍රමයට උණු වතුර එකක තියලා දිය කරගන්න (60°C/140°F).

💧 ඊට පස්සෙ ක්‍රීම් චීස් ටිකත් මේකටම දාගෙන ඒ ටිකත් දිය වෙන ගමන්ම හොදට කලවම් කරගන්න. මේ ටික දිය කරගත්ත භාජනය ඊට පස්සෙ උණු වතුර එකෙන් ඉවත් කරගෙන ඒකට බිත්තර කහ මද ටික දාලා හොදට කලවම් කරගන්න.

💧ෆ්‍රිජ් එකේ තියපු අර බිත්තර සුදු මද ටික ඇරගෙන බීටර් එකකින් හොදට බීට් කරගන්න. සුදු මද ටික හිම කදු වගේ වෙනකම් බීට් කරගන්න ඕනෙ.

💧 හරියට බීට් වුනහම භාජනය අනිත් පැත්ත හැරෙව්වත් හිම වගේ වුන සුදු මද ටික බිමට වැටෙන්නෙ නැහැ. මිශ්‍රණයට අපි දැන් බීට් කරගත්ත බිත්තර සුදු මද එකෙන් 1/3ක් දාලා හොදට කලවම් කරගන්න .

💧 කලවම් කරගත්තට පස්සෙ ඉතුරු ටිකෙන් භාගයක් දාලා ආයෙ හොදට කලවම් කරගන්න. අන්තිමට ඉතුරු භාගෙත් දාලා හොදට කලවම් කරගන්න.

💧දැන් කරන්න තියෙන්නෙ කේක් තැටිය හදගෙන ඒකට මේ මිශ්‍රණය දා ගන්න එකන්. තෙල් කඩදාසි  අරගෙන එවගේ හොදට තෙල් හෝ බටර් ගා ගන්න.

💧ඊට පස්සෙ ඒ කඩදාසි ටික අඟල් 6ක (15cm) විශ්කම්බය ඇති රවුම් කේක් තැටියක අතුරාගෙන මුලින් හදාගත්ත කේක් මිශ්‍රණය දමාගන්න.

💧ඊට පස්සෙ අවන් එකට දාන්න පුලුවන් ට්‍රේ එකක් ඇරගෙන ඒක උඩ කේක් තැටිය තියාගන්න. තියාගත්තට පස්සෙ උණු වතුර ටිකක් අරන් ට්‍රේ එකට දා ගන්න. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ වතුර පිටින්ම මේ ට්‍රේ එක අවන් එකට දා ගන්න එක.

💧ඊට පස්සෙ උෂ්ණත්වය 170°C (338°F) න් විනාඩි 15ක් කේක් එක බේක් කරගන්න. ඊට පස්සෙ තව විනාඩි 15ක් උෂ්ණත්වය 160°C (320°F) යටතේ බේක් කරගන්න. ඊට පස්සෙ අවන් එක Off කරලා අවන් එක අරින්නෙ නැතුව කේක් එක තව විනාඩි 15ක් අවන් එක ඇතුලෙම තියෙන්න දෙන්න.

💧ඊට පස්සෙ කේක් එක අවන් එකෙන් එලියට ඇරගෙන සමූර්ණයෙන්ම නිවෙන්න දෙන්න.

🌼දැන් කේක් එක හදලා නම් ඉවරයි. දැන් ඉතිං කේක් එක ඔයාලට මෙහෙම්මම කෑමට ගන්නත් පුලුවන්, නැත්නම් ෆ්‍රිජ් එකේ වගේ දාලා තියන්න පුලුවන්.

🌼ෆ්‍රිජ් එකේ දාලා තිබ්බහම කේක් එක ටිකක් හයි වෙනවා. ඒක හින්දා ෆ්‍රිජ් එකට දාපු කේක් එක පිළිගන්වන්න කලින් කාමර උෂ්ණත්වයේ ටික වෙලාවක් තියෙන්න ඇරලා පිළිගන්වන්න. තව ඔයාලට පුළුවන්.

🌼කේක් එක උඩින් ජෑම් ටිකක් ගාලා, නැත්නම් පවුඩර් කරගත්ත සීනි ටිකක් එහෙම ඉහලාත් කේක් එක තවත් රසවත් කරගන්න පුලුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here