රෝල්ස් රොයිස් , හැඩකාරිය

0
226

🚗අපි හැමෝම දන්නවා, රෝල්ස් රොයිස් කියන්නේ,අති සුඛෝපභෝගීම මෝටර් රථයක් කියලා. ලේසි පහසු කෙනෙකුට රෝල්ස් රොයිස් එකක් තමන්ගේ කරගන්න වෙන්නේ නැහැ. මොකද මිල අධික වාහන අතර ඉහළම ස්ථානයක තමයි මේ මෝටර් රථය හැමදාමත් තිබුනේ. ඒ නිසා අද ලිපියෙන් කතා කරන්න හිතුවා මේ ගණන්කාර හැඩකාරිය ගැන.

🚗වෘත්තියෙන් විද්‍යුත් ඉංජිනේරුවරයකු වුන ෆෙඩ්‍රික් හෙන්රි රොයිස් නම් තරුණයා මහා පරිමාණ විදුලි මෝටර් හා විදුලිජනක යන්ත්‍ර නිෂ්පාදනාගාරයක හිමිකරුවෙක්. ඉතිං,  මේ කර්මාන්තශාලාව පිහිටලා තිබුනේ ඇමෙරිකාවේ මැන්චෙස්ටර් නුවර යි.🚗තරුණ කාලේ ඉදන්ම මෝටර් රථවලට ආසාවක් දැක්වු මේ තරුණයාගේ අනාගත බලාපොරොත්තුව වුයේ මෝටර් රථ ඉංජිනේරු තාක්‌ෂණය ඉගෙන ගෙන නවීන අංගෝපාංග වලින් තමාගේම නිෂ්පාදනාගාරයක අලුත්ම මාදිලියේ මෝටර් රථයක්‌ නිෂ්පාදනය කිරිමයි.

 

🚗ඒ බලාපොරොත්තුව ඉටු කර ගන්නට රෝල්ස් ට ඒ තරම් අපහසු වෙන්නේ නැහැ. මොකද රෝල්ස් කියන්නේ පරම්පරාවෙන් ලැබුණු විශාල මුදල් ප්‍රමාණයක හිමිකරුවෙක් .ඒ නිසා ඔහු‌ මෝටර් රථ නිෂ්පාදනාගාරය කෙසේ සකස්‌ විය යුතු දැයි ඒ වනවිටත් සැළසුම් කරලයි තිබුනේ . මේ අනුව වර්ෂ 1904 දී ‘ෆෙඩ්රික්‌ රොයිස්‌’ තමා විසින් නිපදවන ලද සුපිරිතම නවීන මෝටර් රථය නම් කළේ ‘රොයිස්‌’ යන නාමයෙන්මයි.

🚗නවතම අංගෝපාංග සහිත ‘රොයිස්‌’ මෝටර් රථය පිළිබඳව සුබදායක ප්‍රවෘත්ති යුරෝපා මෝටර් රථ ගැනුම්කරුවන්ගේ අවධානයට යොමු වීමට ගතවූයේ සතියක පමණ කෙටි කාලයකි. මෝටර් රථ විකුණුම්කරුවන් මෙන්ම නවතම මෝටර් රථයක සුව පහසුව ලබනු කැමති හැමදෙනාම ‘රොයිස්‌’ රථය ගැන ඇදහිය නොහැකි තරමේ සැලකිල්ලක් දැක්වුවා. ඒ අතරින් බ්‍රිතාන්‍යයේ ධනවත් ව්‍යාපාරිකයකු ලෙස ප්‍රකටව හුන් ‘චාල්ස්‌ රෝල්ස්‌ට” රොයිස්‌ රථ නිෂ්පාදකවරයා දැක ගැනීමට සුවිශේෂී ආශාවක්‌ උපන්නා. නිරතුරුවම තම ව්‍යාපාරික කටයුතු සඳහා යුරෝපා රටවල් ගණනාවක සංචාරයක කරන ‘චාල්ස්‌ රෝල්ස්‌’ ඉතා ඉක්‌මනින් තම ඊළඟ ව්‍යාපාරික ඉලක්‌කය ඇමෙරිකාව දෙසට යොමු කරන්නට වුනා.

🚗සැලසුම් කරගත් පරිදිම “ෆෙඩ්රික්‌ රොයිස්‌” මුණුගැසුණු චාල්ස්‌ රෝල්ස්‌ මේ අනගි නිමවුම තියුණු ලෙස පරීක්‍ෂාවට ලක්‌ කළ අතර දුටු පමණින් නවතම රොයිස්‌ රථයට පෙම්බැන්ද  චාල්ස්‌ රෝල්ස්‌ මේ සුපිරිතම මෝටර් රථයේ ප්‍රබල අඩුපාඩුකම් රැසක්‌ ද දුටුවා. “මේක බොහොම උසස්‌ නිර්මාණයක්‌. හැම දෙයක්‌ම හොඳයි. ඒත් මේ රථය වෙළෙඳපළට ඉදිරිපත් කරනකොට වෙනස්‌කම් කිහිපයක්‌ කරන්න තියෙනවා. ඔබ කැමැතිනම් පමණක්‌ මට පුළුවනි මේ සුන්දර මොටර් රථය ලෝකේ සුපිරිම ධනවතුන්ගේ වාහනය කරන්න”.

🚗චාල්ස්ගේ‌ කාරුණික ඉල්ලීමට “ෆෙඩ්රික්‌ රොයිස්‌” එක පයින්ම කැමැත්ත දෙනවා. මොකද ඔහුටත් ඕන කරලා තිබුනේ මේ මෝටර් රථය ලෝකයේ හොඳම මෝටර් රථය කරන්නයි. ඒ අනුව ලොව මවිත කරවන තරම් සුපිරි හා සුව පහසු නවීනතම අංගෝපාංග සහිතව තවදුරටත් නවීකරණයකරන ලද මෝටර් රථයක්‌ නිපදවුනා. විශේෂයෙන්ම මෙය එවකට පැවැති මෝටර් රථවලට වඩා බෙහෙවින් දිගු එකක්‌ද වුනා.

🚗නවීන අංගෝපාංගවලින් සපිරි මේ අති සුඛෝපභෝගී මෝටර් රථය වෙළෙඳපලට පැමිණියේ බ්‍රිතාන්‍යයේ ‘රෝල්ස්‌’ නාමයත් ඇමරිකාවේ ‘රොයිස්‌’ නාමයත් එකට ගැළපීමෙනි. ‘රෝල්ස්‌ රොයිස්‌’ මෝටර් රථයේ උපත සිදුවූයේ එලෙසයි.

🚗ඉතා කෙටි කාලයකින් මෝටර් රථ පාරිභෝගිකයන් වසඟයට පත්කළ ‘රෝල්ස්‌ රොයිස්‌’ රථයේ තිරිංගවල පැවැති සූක්‍ෂම බව නිසාම ධාවනයේදී මෝටර් රථය සුළු ගැස්‌සීමකට පවා ලක්‌නොවීම ඉතා සිත් ගන්නා සුළු ආරංචියක්‌ව පැතිර යැමට ගතවූයේ කෙටි කාලයකි.

🚗මුලින්ම වෙළෙඳපලට නිකුත් කල “රොල්ස්‌ රොයිස්‌” මෝටර් රථ කාණ්‌ඩය වූ “සිල්වර් ගෝස්‌ට්‌” (Silver Gost) රථයට ඇති විශාල තරගකාරී ඉල්ලුමක්‌ ඇති කළ අතර,  “රිදී අවතාරය” නමින් නම් කළ මුල්ම “රෝල්ස්‌ රොයිස්‌” රථ කාණ්‌ඩය නොසිතූ තරම් ඉක්‌මනින් අලෙවි වුනා.

🚗රෝල්ස්‌ රොයිස්‌ මෝටර් රථ සමාගමට වසර 100 ක්‌ සපිරුණු 2004 වසරේ එය සැමරීම වෙනුවෙන් නවතම මාදිලියේ රෝල්ස්‌ රොයිස්‌ මෝටර් රථයක්‌ ‘පැන්ටම්’ නමින් නිෂ්පාදන කෙරුනා .

🚗ඇමරිකාවේ උපත ලැබූ “රොයිස්‌” මෝටර් රථය “රෝල්ස්‌ රොයිස්‌” බවට පත්ව බ්‍රිතාන්‍ය හා හවුල් සමාගමක්‌ ලෙස ප්‍රකට වුවද වර්තමානයේ රෝල්ස්‌ රොයිස්‌ සමාගමේ හිමිකාරිත්වය දරන්නේ ජර්මනියේ BMW සමාගමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here