දරු දුක හදුනන සුදු අම්මා

0
484

🚼මේ ජායාරූපය සමාජ ජාල ඔස්සේ, ඕනෑ තරම් හුවමාරු වෙනවා ඔබ දැක ඇති. සුදු ගැහැණු කෙනෙක් මන්දපෝෂණයෙන් පෙළෙන ළමයෙක්ට වතුර පොවන ජායාරූපක්. සමහරු දන්නේ ඔය ටික විතරයි. ඒ නිසා, අද ලිපිය මේ ගැන දන්න සහ නොදන්න සියළුදෙනා වෙනුවෙනි. කියවලම බලන්න මෙහි සැගවුනු සත්‍ය මොකක් ද කියලා .

🚼මේ ලෝකය කොතරම් දියුණු වුනත්, දරිද්‍රතාවය කියන දේ තාමත් තුරන් කරන්නට කිසිවෙකු සමත් වෙලා නැහැ. එයයි සත්‍ය. නයිජීරියාව, සුඩානය හයිට් වැනි රාජ්‍යයන් තවමත් අන්ත දුගී බවින් පීඩා විදින රටවල් . නමුත් මේ හැම ප්‍රශ්නයකටම වඩා මව් සෙනෙහස උතුම්  බව පසක් කරන මේ ජායාරූපය ලෝවැසි සියළුදෙනාගේ අවධානය දිනා ගන්න සමත් වුනා.

🚼මේ ජායාරූපයේ ඉන්නේ, නයිජීරියානු මාපිය යුවළක්‌ විසින් අත්හැර දමා ගිය අවුරුදු දෙකක් වයසැති දරුවෙක් සහ  සහන සේවිකාවක්. තම දරුවා යකදුරෙකු බවට චෝදනා නඟමින් මේ අහිංසක දරුවා ඔහුගේම මවුපියන් විසින් මෙලෙස ප්‍රතික්‌ෂේප කර ඇති අතර එය කොයිතරම් නම් තිරිසන් වැඩැක් දැයි හදවතක් තියෙන ඕන මනුස්සයෙක්ට සිතෙනු ඇත.

🚼අඩියක්වත් ඉදිරියට තියා ඇවිද ගන්න බැරිව මේ දරුවා නයිජීරියාවේ මාර්ගයක අතරමංව සිටියදි මේ පුංචි දරුවා බේරා ගැනීමට Anja Ringgren Loven නම් ඩෙන්මාර්ක්‌ සහන සේවිකාවක සමත් වූයේ මේ පුංචි දරුවාගේ පෙර වාසනාවකට මෙනි.

🚼දැඩි පිපාසයෙන් පීඩාවට පත්වූ මෙම දරුවාගේ පිපාසය සංසිඳුවමින් වතුර පොවා ඔහුව වඩාගෙන තුරුළුකරගන්නට තරම් ඇය කාරුණික වූයේ, තුවාල හා කැලැල් සෙමින් පිරිමදිමින්ය. කිසිම හිරිකිතයක් නැතුව ඇය තමන්ගේ මවු සෙනෙහස ලොවටම පෙන් වුයේ හැම අම්මා කෙනෙකුටම තමන්ගේ දරුවා මෙන්ම අනිත් දරුවන් ඉදිරියේද  හදවත උණු වෙන බව සාක්ෂාත් කරමිනි. වසර 3 ක සිට නයිජීරියාවේ සහන සේවිකාවක්‌ ලෙස කටයුතු කරන Loven පවසන්නේ මෙවැනි ළමුන් 1000 කට ආසන්න සංඛ්‍යාවකගේ අත්දැකීම් ඇය අත්විඳ තිබෙන බවය.

🚼African ChildrenZs Aid Education and development Foundation ආයතනයේ ද සාමාජිකාවක්‌ ලෙස කටයුතු කරමින් මේ උතුම් කාන්තාව මෙවැනි ළමුන් බොහෝ පිරිසකට තම රැකවරණය ලබාදී ඇත්තේ එම දරුවන්ගේම මවක ලෙසය.

🚼මේ පුංචි අසරණ දරුවා දැන් අසරණ නොවන බවත් දැන් මේ දරුවා සියලු ලෝක ප්‍රජාවගේම දරුවෙකු බවත් පෙන්වා දෙමින් Anja Ringgren Loven විසින් මේ පුංචි සිඟිත්තාට අවශ්‍ය සියලුම වෛද්‍ය පහසුකම් ඇතුළු සනීපාරක්‍ෂක කටයුතු ලබාදීමේ වගකීම නොපසුබටව තම භාරයට ගන්නා ලදී.

🚼යකදුරෙකු ලෙස සලකා මේ පුංචි සිඟිත්තා ප්‍රතික්‌ෂේප කළ වාසනාවන්ත හා අමානුෂික මාපියන් යුවළට අභියෝග කරමින් සහන සේවිකා Anja Ringgren Loven ලෝකයටම ආදර්ශ සපයමින් කියා සිටියේ “මේ පුංචි සිඟිත්තා අලුත් අනාගත බලාපොරොත්තුවයි. මේ දරුවා සුබ අනාගතයක හැරවුම් ලCෂ්‍යයයි. මේ නිසාම මොහු ලෝකයේම  බලාපොරොත්තුවයි” යනුවෙනි.

🚼මුළු ලොවටම අලුත් බලාපොරොත්තුවක්‌ කැඳවා ගෙන එන මේ පුංචි සිඟිත්තාට Hope ලෙස නම් තැබූ සහන සේවිකාව, සමස්‌ත ලෝක ප්‍රජාවටම පෙන්වා දුන්නේ මනුෂ්‍යත්වය සියලු මිනිසුන්ට නවමු ජීවයක්‌ සහිත බලාපොරොත්තුවක්‌ කැඳවාගෙන එන බවයි.

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here