සෙල්ෆි ගන්න පූසා ” මැනී”

0
381

🐱සෙල්ෆි ගන්න පූසෙක්.? හරිම පුදුමයි නේද? පූසෙක් කොහොමද සෙල්ෆි ගන්නේ.? ඔයාට එහෙම හිතුනට , අපිට වඩා හොඳට සෙල්ෆි ගන්න පූසෙක් ඉන්නවා. එයාට දැන් ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකකුත් තියෙනවා . සමහරවිට ෆේස්බුක් එකේ උඩහට , පහළට යද්දි ඔයා මේ පූසාව ඕන තරම් දැකලා ඇති. ඒත් මේක ඇත්තක් කියලා නම් හිතෙන්නේ නැතුව ඇති. ඉතිං, කියවලම බලන්නකෝ, මේ පූසාගේ අපුරු සෙල්ෆි ගැනිමේ හැකියාව ගැන.

🐱අන්තර්ජාලයේ මේ දවස් වල අපිට ඕනෑතරම් සුරතලුන්ගේ ඡායාරූප දැකගන්න පුළුවන්. මේ අතර ඉන්න අපූරු සුරතලෙක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ. මෙයාගේ නම මැනී. මැනී කියන්නේ පූසෙක්. මෙයාගේ විශේෂත්වය තමයි මෙයාට ලස්සනට සෙල්ෆි ගහන්න පුළුවන් .

🐱 මෙයාට මේ වෙනකොටත් Instagram ඔස්සේ රසික රසිකාවියන් දහස් ගණනක් ඉන්නවා කියලත් දැනගන්න ලැබෙනවා. මෙයා ගැන දැනගන්න ලැබෙන විස්තර වලට අනුව කැමරා , GoPro වැනි උපාංග වලට මෙයා ගොඩක් ඇලුම් කරනවා.

🐱මෙයාගේ ස්වාමියා මෙයා ළඟට කැමරාවක් අරගෙන එන හැමවෙලාවෙම මෙයා පුංචි කකුල් කැමරාව දෙසට දිගුකරන්නේ හරියට නිකං සෙල්ෆියක් ගන්නම ලැස්තිවෙලා වගේලු.

🐱මෙයාගේ මේ අපූරු කැමරාවට මුහුණදෙන විලාසය දැකපු වෙලාවේ ඉඳන් මෙයාගේ ස්වාමියා, මැනීගේ ඡායාරූප අන්තර්ජාලයට එකතු කිරීම ආරම්භ කරලා තියෙනවා .

😺මැනි සෙල්ෆි ගන්නේ තනියෙන් නම් නෙමෙයි. මොකද මෙයාට ඉන්නවා පූස් යාළුවෝ, බලු යාළුවෝ ගොඩක්ම. ඉතිං,   Instagram වල මැනීගේ තනි ඡායාරුප මෙන්ම එයාගේ බලු යාළුවන් එක්ක ඉඳලා ගත්තු ඡායාරූපත් තියනවා. ඉන්ස්ටා ගිහින් පොඩ්ඩක් සර්ච් කරලා බලන්නකෝ . හරි ආදරේ හිතෙනවා මේ පුස් පැටියටයි, එයාගේ යාළුවෝ සෙට් එකටයි.

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here