දියවැඩියාවට සුදුසුතම කෑම වර්ග

0
509

❤️ දියවැඩියාව කියන්නේ ලංකාවේ ජනතාව මේ වන විට මුහුණ පාමින් සිටින බරපතල සෞඛ්‍ය ගැටළුවක්. ඇත්තටම ‘දැවෙන ප්‍රශ්නයක්’ කියල කිව්වොත් තමයි හරි. මෙයට ප්‍රධානම හේතුවක් ලෙස අප ගන්නා ආහාර හා ආහාර රටාවන් දැක්විය හැකියි.

❤️ දියවැඩියාවෙන් වැළකී සිටින්න වගේම, දැනට දියවැඩියාව වැළඳී ඇති අයට එය පාලනය කරගැනීමට නම් ක්‍රමවත් ආහාර පාලනයක් ඇති කරගැනීම අනිවාර්යයි. ඒ වගේම සුදුසු ආහාර ගැනීමද කළ යුතුයි. පහත දැක්වෙන්නේ එවන් ආහාර වර්ග කිහිපයක්.

🌿 පලා වර්ග

▶️කූරිඥා කොළ

▶️තෙබු කොළ

▶️මඩු කොළ

▶️කොහිල දළු

▶️පෙනෙල කොළ

▶️කිරි අඟුණ කොළ

▶️තෝර කොළ

▶️එරබදු කොළ

▶️වට්ටක්කා දළු

▶️කතුරුමුරුංගා කොළ

▶️තැල් කොළ

▶️නිවිති

▶️කංකුන්

▶️මුගුණුවැන්න

👉මේවා දිනපතා ආහාරයට ගැනීම සුදුසු වන්නේ නැහැ. අවශ්‍ය පමණ මාරුවෙන් මාරුවට ගැනීමයි සුදුසු.

🍅එළවලු වර්ග

▶️පතෝල

▶️බණ්ඩක්කා

▶️වැටකොළු

▶️කෙහෙල්මුව

▶️පොළොස්

▶️දඹල

▶️මුරුංගා

▶️මාළු මිරිස්

▶️හතු වර්ග

▶️තුඹ කරවිල

▶️කරවිල

▶️රතු තම්පලා

▶️සුදු ළූණු

▶️රතු ළූණු

🍇පලතුරු වර්ග

▶️ඇඹරැල්ලා

▶️මාදං

▶️බෝවිටියා

▶️කිරිල්ල

▶️දිවුල්

▶️කෙසෙල්

▶️නාරන්

▶️දොඩම්

▶️දූරියන්

▶️කොමඩු

▶️අන්නාසි

▶️රඹුටන්

🍈අල වර්ග

▶️ඉන්නල

▶️නෙලුම් අල

▶️කිරි අල

▶️රාජා අල

▶️හුලංකීරිය

🍚ධාන්‍ය වර්ග

▶️මුං ඇට

▶️කුරක්කන්

▶️මෙනේරි

▶️තල

▶️බඩ ඉරිඟු

🍷පාන වර්ග

▶️රණවරා

▶️ඉරමුසු

▶️බෙලිමල්

👉 මේවා හකුරු කැබැල්ලක් සමග පානය කිරීමට පුළුවන්.

▶️ඊට අමතරව කොතල හිඹුටු තැම්බූ ජලයද ගුණදායක යි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here