ගෙදරදීම චොකලට් ක්‍රීම් පුඩින් හදමු

0
425

❤️ ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ චොකලට් ක්‍රීම් පුඩින්  එකක් හදාගන්න විදිහ. මේක හදන්න නම් පොඩ්ඩක්වත් අමාරු නෑ. ඒ වගේම හදන්න ගන්න දේවලුත් ඔයාලට ලේසියෙන්ම සුපර් මාකට් වලින් ගන්න පුලුවන්. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා.

❤️අවශ්‍ය දේවල්

🍮ඉරිඟු පිටි මේස හැඳි 2 (කෝන්ෆ්ලා)

🍮කිරි කප් 2

🍮බිත්තර කහමද 2

🍮බටර් මේස හැඳි 2

🍮සීනි කප් 1

🍮ලුණු තේ හැඳි 1/4

🍮කුකින් චොකලට් 30g

🍮වැනිලා තේ හැන්දක්

❤️සාදාගන්නා ආකාරය

🍮 මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට කිරියි, සීනියි, ඉරිඟු පිටියි, ලුණුයි දාලා මිශ්‍ර කරගන්න ඕනෙ.

🍮 ඊට පස්සෙ ඒකට චොකටලට් කෑලි ටිකත් දාලා, චොකලට් ටික දිය වෙනකන් හොදට හැදි ගා ගන්න ඕනෙ. නොනවත්වාම හැදි ගාන්න අමතක කරන්න එපා.

🍮 දැන් මිශ්‍රණය ලිපෙන් ඉවත් කරගෙන බිත්තර කහමද ටික දාලා ඉක්මනට මිශ්‍ර කරගන්න.

🍮 දැන් ආයෙ ලිපේ තියලා ටිකක් හැදි ගා ගන්න. විනාඩි 2ක් වගේ.

🍮 දැන් ආයෙත් ලිපෙන් ඉවත් කරගෙන, ඒකට බටරුයි වැනිලයි දාලා හොදට මිශ්‍ර කරගන්න. දැන් වැඩේ ඉවරයි ගොඩක් දුරට.

🍮 දැන් හදාගත්ත මේ මිශ්‍රණය පුඩින් බෝල් එකකට හරි කප් වලට හරි දාගන්න.

🍮 ඊට පස්සේ, නිවෙනකන් ඉදලා ෆ්‍රිජ් එකේ තියන්න ඕනෙ පැය 2ක්. ඊට පස්සෙ ඉතින් ඔයාලට කැමති විදිහට සරසා ගන්න පුලුවන්. විප් ක්‍රීම් පොඩ්ඩක් උඩින් දාලා, තව චොකලට් කෑල් ටිකක් උඩින් දාලා වගේ ලස්සනට සරසා ගන්න පුලුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here