ගෙදරදිම ඇපල් වයින් හදමු

0
1132

❤️ වයින් කියන්නේ ඇත්තටම වෙනමම සංස්කෘතියක් කියලා කිව්වොත් වැරදි නැහැ. වයින් බොන්නේ වෙරිවෙන්න නෙවෙයි. වයින් බොන්නේ රසවිඳින්න. ආන්න ඒකට වයින් ගැන සාමාන්‍ය දැනුමක් හරි තියෙන එක වටිනවා. ඒ නිසා ගෙදරදිම වයින් හදන්න දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා. අද Recipe එකෙන් කියන්න යන්නේ, ඇපල් වලින් වයින් හදන විදිය ගැනයි.

🌼අවශ්‍ය දේවල්

💠ඉදුණු ඇපල් 2kg

💠සීතල ඇල් වතුර ලීටර් 6.75යි

💠සීනි 1 1/2 kg

💠පෝච්චි දෙහි ගෙඩි 2 යි (අපි සාමාන්‍යයෙන් පෝච්චි දෙහි කියලා කියන්නෙ සාමාන්‍ය දෙහි ගෙඩියක හැඩයට වඩා ටිකක් දිගැති, ලොකු දෙහි ගෙඩි වර්ගයකට)

💠දොඩම් ගෙඩියක්

🌼සාදාගන්නා ආකාරය

💠ඇපල් හොඳින් සෝදා ඇපල් වල පොතු ඉවත් නොකර කෑලි වලට කපන්න.

💠මෙය අඹරන මැෂිමකට දමා (Blender) අඹරා ගන්න. අඹරා ගත් ඇපල් ලොකු භාජනයකට දමා වතුර ලීටර් 6.75 ඊට උඩින් දමන්න.

💠භාජනයේ කට රෙදි කඩකින් වසා සතියක් තබන්න (මෙය දිනපතාම ලී හැන්දකින් කලවම් කරන්න).

💠සතියකට පසු මිශ්‍රණය පිරිසිදු රෙදි කෑල්ලකින් වෙනත් භාජනයකට පෙරා ගන්න.

💠එයට සීනි 1 1/2 kg ක් සහ දෙහි ගෙඩියක් සහ දොඩම් ගෙඩිය ලෙල්ලත් සමග හීනියට කපා කලවම් කරන්න.

💠සීනි දියවන තුරු මිශ්‍රණය හැදිගාන්න. ඉන්පසු භාජනයේ කට වසා පැය 24 ක් තබන්න.

💠පැය 24 කට පසු මිශ්‍රණය හොඳින් පෙරා වීදුරු බෝතල් වලට දමා ගන්න.

💠බෝතල් මත ගසන පොරෝප්ප බුරුලට ගසා තැබිය යුතුයි.

💠ටික දවසකින් බෝතල් ඇතුලේ ඇති වයින් වලින් සියුම් ශබ්දයක් නිකුත් වේ. එවිට බෝතල් වල මුඩි තද කිරීම කල යුතුයි.

💠මෙය මාස 4 ක් පමණ පල්වීම සඳහා තබන්න.(පැසීම සඳහා තබන විට අදුරු තැනක තබන්න)

💠ඔන්න ඊට සතියට විතර පස්සෙ ඔයාලට දැකගන්න පුලුවන් ඔයාල හදපු බීමට ගන්න පුලුවන් ඇපල් වයින් එක.

🌼වයින් වර්ග හදනකොට දැනගන්න ඕනෙ විශේෂ කරුණු

💠පැසීම සඳහා තබන විට අදුරු තැනක තබන්න.

💠වයින් වර්ග කීප වතාවක්ම පෙරා අවසාන වශයෙන් ෆිල්ටර් පේපෙර් එකකින් පෙරා ගන්නේ වයින් වල පැහැදිලි ස්වභාවය ලබා ගැනීම සදහාය.

💠සාමාන්‍ය ආකාරයට ගෙදර දොරේදී මේ විදිහට හැදුවට, වෙළඳපලට නිකුත් කරන වයින් වලට මීට අමතරව ඊස්ට්, වර්ණක, රසකාරක වගේ දේවල් එකතු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here