අයිෆෝන් 8 ළඟදිම

0
217

📱අයිෆෝන් කියන්නේ, ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන අයගේ හිතේ තියෙන ලොකු හීනයක් කිව්වොත් නිවැරදියි . හේතුව, සාපේක්ෂව ගොඩක් දෙනෙක් උත්සහ කරනවා ඇපල් ෆොන් එකක් මිළදි ගන්න. ඒ වගේම, 2017 වර්ෂය කියන්නේ Iphone වලට සුවිශේෂී වුන වසරක්. මොකද Iphone වල දහවැනි සංවත්සරය තමයි මේ අවුරුද්දේ සමරන්නේ.

📱සැම්සුන්ග් Note 8 එකේ ආගමනයත් එක්කම ලොව පුරා ඉන්නා ඇපල් රසිකයොත් දැන් පුල පුලා බලන් ඉන්නේ Iphone 8 නිකුත් වෙන දවස එනකන්. අපි දන්නවා අළුත් ෆෝන් එකක් Launch කරන්න කළින් ගොඩක් දෙනෙක් ෆෝන් එකේ features ගැන උනන්දු වෙනවා කියලා .

📱Samsung Note 8 එකෙත් එහේමයි. දැන් Iphone 8 එක ගැනත් ඒ විදියේම පුර්වකථනයන් දෙන්න පටන් අරන් තියෙනවා . ඒ කියන්නේ ෆෝන් එකේ ප්‍රමාණය, මෘදුකාංග , ,තිරයේ ප්‍රමාණය , වගේ කරුණු ගැන බොහෝ කරුණු කාරණා මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙනවා.

📱සමහර විට මේ කරුණු එළියට දාන්නේ ඇපල් සමාගමම වෙන්නත් පුළුවන් . හේතුව මේ ගැන බොහෝදෙනා අතර කුතුහලයක් ඇතිකිරිම ඔවුන්ගේ අරමුණයි. සාමාන්‍යයෙන් ඕනෑම දුරකථන සමාගමක් ෆෝන් එකක් launch කරන්න කළින් ඒ සඳහා මෘදුකාංග නිර්මාණ සැලසුම් කිරිමේ පහසුව සඳහා ෆෝන් එකේ ප්‍රොසෙසරය රැම් එක, තිරයේ ප්‍රමාණය ගැන තොරතුරු නිකුත් කිරිම අනිවාර්යය වෙනවා.

📱ඇපල් සමාගම iphone 8 එක launch කරන්න හිතන් ඉන්නේ සැප්තැම්බර් 12 වෙනිදායි. ඒ කියන්නේ මේ වෙනකන්ම අපිට අහන්න ලැබුණේ ඒ ගැන පැතුරුණු එක එක කටකථාවන් විතරයි. ඒ නිසා මේ ලිපියෙන් කථා කරන්නේත් Iphone 8 ගැන තියෙන කටකථා කිහිපයක් ගැනමයි.

📱 මොකද , අපි මේ ෆෝන් එක Iphone 8 කියලා නම් කළාට, බොහෝදෙනා කියන්නේ අයිෆෝන් වල 10 වන සංවත්සරය නිසා මේ ෆෝන් එක Iphone 10 වෙන්නත් පුළුවන් කියලයි. නැත්නම් Iphone X හෝ Iphone Pro නමින් නම් කරයි කියලත් අනුමාන කරන්න පුළුවන් . ඒ කෙසේ වෙතත් 12 වෙනිදාට නම් Iphone 8 ගැන මේ තියෙන කුතුහලයන් සේරම විසඳගන්න පුළුවන් වේවි.

❤️ පුළුල් තිරය

📱අපි දන්නවා Iphone පාවිච්චි කරන හැමෝගෙම බලාපොරොත්තුවක් තිබුනා ෆෝන් එක පුරාවටම තිරය තියෙන ෆෝන් එකක් පාවිච්චි කිරිමේ ආශාව. මොකද සැම්සුන්ග් පාවිච්චි කරන අයට නම් ඒ අත්දැකිම Samsung S8 එකේ ඉඳන් ලැබුනා. ඇපල් රසිකයන් මේ දේ බලාපොරොත්තු වුනේ Iphone 6 එකේ ඉඳන් උනත් අවාසනාවකට ඔවුන්ට ඒ වාසනාව Iphone 7 එකේදිවත් ලැබුනේ නැහැ. නමුත්, ස්ටීව් නමැති (මෘදුකාංග) සංවර්ධකයා විසින් පළ කරන ලද ට්වීට් එකකින් ඔහු ඇපල් ප්‍රලේඛනයක තිබෙන තිර ප්‍රමාණයන් ගැන දක්වන ලද කමෙන්ට් එකක් ලෝකයට නිරාවරණය කරනු ලැබුවා. ඔහු මෙය උකහා ගෙන තිබෙන්නේ HomePod එකට අලුතින් නිකුත් කරන ලද ෆර්ම්වෙයා එකක තිබූ කේතයන් අතරේ තිබිය දී යි.

📱ඒහිදි දක්නට ලැබුණු තිර ලක්ෂණයන්ට අනුව පැහැදිලි වෙන්නේ, Iphone 7 එකේ තිබුනු අඟල් 4.7 තිරය තවත් අඟල් 1.1 වලින් විශාල වී , අඟල් 5.8ක විශාල තිරයක් Iphone 8 එකට ඇතුළත් වී ඇති බවයි. iPhone 7 එකටත් වඩා 8 එක විශාල වන අතර ම iPhone 8 Plus මාදිලිය අඟල් 7කට කිට්ටු ප්‍රමාණයක් තරම් වන බවයි අපේක්ෂා කළ හැක්කේ. ඉතින් තිරය මෙතරම් විශාලත්වයක් ගන්නවා නම් දාරයන් ද එකතු වුණා ම එය තවත් විශාල වෙනවා. එසේ ම මෙහි තිබෙන මිනුම් අනුව දුරකථනය ඉහළ කෙළවරේ තිබෙන status bar එකත් දෙකට බෙදෙනවා.

📱 Iphone 8 එකේ, LCD තිරය වෙනුවට දැකගත හැක්කේ සුනම්‍ය ප්ලාස්ටික් OLED තිරයකි. එමගින් ඉතාමත් පැහැදිලි දසුන් සහ වැඩි ආයු කාලයක් ලබා ගන්න පුළුවන් කියලයි දැනට ලැබි ඇති තොරතුරු වලින් අනාවරණය වෙලා තියෙන්නේ . iPhone 8 දුරකථනය iPhone 7 හි මෙන් ම කවාකාර තිරයක් ද ඇතැයි බොහෝදෙනා පවසනවා.

❤️ කැමරාව

📱දැනට ලීක් වුනු ෆෝටෝ වලට අනුව ගොඩක් දෙනෙක් කියන්නේ, Iphone 8 එකේ තියෙන කැම් එක කැතයි කියලයි. මොකද මෙහි කැමරා දෙක පිහිටලා තියෙන්නේ ෆ්ලෑෂරය සමඟ සිරස් අතටයි. ඉදිරිපස පිහිටා ඇති කැමරාව PrimeSense තාක්ෂණය අනුව නිර්මාණය වෙලා තියෙන අතර එයින් ත්‍රීමාණ ජායාරූප ගැනිමේ හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා. එසේ ම පසුපස කොටස වීදුරුවලින් සැකසෙනු ඇති අතර වයර්ලස් චාර්චින් සපෝර්ට් කරන විදියටයි ෆෝන් එක නිර්මාණය වෙලා තියෙන්නේ

❤️ බායි, බායි, හෝම් බටන්

📱මුලදි කිව්වා වගේ Iphone 8 එකට එන්නේ, අඟල් 5.8ක පුළුල් තිරයක්. ඉතිං, ෆෝන් එක පුරාවටම තිරය ආවොතින් , කලින් ෆෝන් වල වගේ Iphone 8 වල හෝම් බටන් එකට ඉඩක් නැහැ. මුල් කාලයේදි ආව අයිෆෝන් වල හෝම් බටන් එක බොත්තමක් ආකාරයෙන් තිබුනු අතර Iphone 6 වලදි එය වෙනස් වි Touch Id එකක් බවට පත් වුනා. හෝම් බටන් එක නැතුව ගියොතින් අයිෆෝන් එකේ Touch Id එකත් නැතුව යන්නට පුළුවන් .

📱මෙය එන්න පුළුවන් විධි තුනක් තියෙනවා .එකක් තිරයේ මිනුම් පමණක් හෙළිදරව් කොට ඇති නිසා පහළ දාරය තවත් දික්ව බොත්තමට ඉඩ සලසා ගනීවි. අනෙක, තිරය මත ම ඇඟිලි සලකුණු සංවේදකය ඇතුලත් කරාවි. තෙවැන්න, මුහුණ හෝ Samsung S8හි මෙන් කළු ඉංගිරියා පරීක්ෂකයක් ඇතුලත් කරනු ඇති බවට ද හෙළිදරව්වී ඇති නිසා Touch ID එක සම්පූර්ණයෙන් ම ඉවත් කර දමාවි යන්න බොහෝදෙනා විශ්වාස කරනවා .
හැබැයි Apple Pay උපාංග සහ මෘදුකාංග මෙන් ම මෙතෙක් බිහිව ඇති බොහෝ ඇප්ස් iPhone එක හරහා ලබාදෙන ඇඟිලි සලකුණු තහවුරු කිරීම අපේක්ෂා කරන නිසා එකවර ම Touch ID එකට තිත තැබීම එතරම් හොඳ අදහසක් වෙන එකක් නැහැ.

❤️ප්‍රොසේසරය

📱Iphone 8 එකට එන්නේ, Apple A11 ප්‍රොසෙසරයයි. තායිවානයේ TSMC ආයතනය පහුගිය මැයි මාසයේදී මේ ප්‍රොසෙසර එක නිර්මාණය කිරිමට පටන් ගත් බව වාර්තා වුණා. Apple A11 ප්‍රොසෙසරය නැනෝමීටර 16ක ක්‍රියාවලියක් අනුව නිර්මාණය වන අතර එමගින් ෆෝන් එකට වැඩි වේගයක් සමඟම අඩු බැටරි බල භාවිතයක් ලැබෙනවා.

❤️ ධාරිතාවය

📱නැවත අළුතින් නිර්මාණය කරන අයිෆෝන් සමඟ 64GB සහ 256GB ධාරිතාවන්ගෙන් යුත් දුරකථන මාදිලි නිකුත් වීමට නියමිතයි. එසේම, අභ්‍යන්තර ධාරිතාව සඳහා NAND ෆ්ලෑෂ් මතකයන් භාවිතා වෙනවා. මෙම නවතම NAND මතකයන් හරහා ඔවුන්ගේ අපේක්ෂාව පැහැදිලිව සටහන් නොවුණත්, මෙමගින් අඩු භෞතික ඉඩ ප්‍රමාණයකින්, වැඩි ධාරිතාවක් සහ ඉහළ කියැවීමේ-ලිවීමේ වේගයක්, අඩු බැටරි බල භාවිතයකින් ලබාගන්නට ඔවුන් අපේක්ෂා කරන බව පැහැදිලි යි.

❤️වෙනත් විශේෂාංග සහ අභ්‍යන්තර සැකැස්ම

📱iPhone 7 දුරකථනය IP67 සහතිකකරණය සහිතව දුහුවිලිවලින් ආරක්ෂාවත් මීටර් 1ක් සහ මිනිත්තු තිහක් වන තෙක් ජලය කාන්දු වීමෙන් ආරක්ෂාවීමත් දැරූ අතර සැම්සන්ග් S8 දුරකථනය IP68 සහතිකකරණයෙන් දුහුවිලි සහ මීටර් 1.5ක්, මිනිත්තු 30ක් තුළ ජලයෙන් ආරක්ෂා වීමේ හැකියාව දැරුවා. The Investor සඟරාව වෙත නිර්නාමිකව කාර්මික අංශයෙන් ලැබුණු තොරතුරක් අනුව දැක්වෙන්නේ iPhone 8 වෙත ද සැම්සන්ග් දුරකථනයේ මෙන් ම IP68 සහතිකය ලැබෙන බව යි.

❤️ පාට තුනයි , ෆෝන් තුනයි.

📱ඉදිරියේදි අපිට අයිෆෝන් මිළදි ගන්න වෙන්නේ පාට වර්ග තුනකින් විතරයි.මොකද Black,Silver ,Gold යන පාට වර්ග තුන පමණක් යොදාගෙන අයිෆෝන් නිපදවිමට ඇපල් සමාගම තීරණය කරලා තියෙනවා .මින් ඉදිරියට අපිට ජෙට් බ්ලැක්, රෝස් ගෝල්ඩ් වලින් අයිෆෝන් දැකගන්න ලැබෙන්නේ නැහැ.

❤️ සාරාංශය

📱I phone 8 හි විස්තර ගැන කතා කරනවනම්, Display එක .7 / 5.15 inches . LCD, 2k Resolution වර්ගයේ එකක් තමයි තියෙන්නේ. Protection එක Sapphire Crystal Glass, Oleophobic coating වරගයේ එකක්. ඒ වගේම RAM එක 3GB RAM එකක් තියෙන්නේ, Apple A11 වර්ගයේ Processor එකක් තියෙන්නේ. Os එක iSO 11 ත් Storage එක 64 GB සිට 256 GB දක්වා තියෙනවා. Camera එක ගැන කියනවනම් 16 MP f/1.7 Primary camera,8 MP front facing camera එකක් තමයි තියෙන්නේ. GSM, LTE, CDMA, EVDO, HSPA වර්ගයේ Networking පහසුකම් වගේම Fingerprint පහසුකම් මේ phone එකට තියනවා. Battery එක ගැන කියනවනම් 2700 mAh non-removable වර්ගයේ battery එකක් තියෙන්නේ. ඒ වගේම, Iphone 8 සඳහා animoji නමින් 3D සංවේදන තාක්ෂණය උපයෝගි කරගනිමින් අළුතින්ම Emoji සෙට් එකක් හඳුන්වා දිලා තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here