බ්ලු වේල් ජිවිත 150ක් බිලිගනී

1
392

🐋 මේ දිනවල බොහෝදෙනාගේ කථා බහට ලක්වෙන මාතෘකාවක් තමයි බ්ලු වේල් නම් මරාන්තික ඔන්ලයින් ගේම් එක ගැන. ලෝකය පුරා වසංගතයක් වගේ පැතිර යන බ්ලු වේල් අන්තර්ජාල ක්‍රීඩාව නිසා මේ වෙනකොටත් තරුණ ජිවිත 150ක් පමණ බිළිවෙලා ඉවරයි. මෙය අන්තර්ජාලයේ සමාජජාලා වෙබ් අඩවියේ ඔන්ලයින් ක්‍රීඩාවකි.

🐋 මේ භයානකම ක්‍රීඩාව ආරම්භ වෙන්නේ 2013 වසරේ රුසියාවේ Vkontakte නම් සමාජ ජාලය තුළිනි. ලොව දෙවැනියට වැඩිම පරිශීලකයන් ගණනක් සිටින සමාජ වෙබ් ජාලාව වන මෙහි සමාජ ජාලා වෙබ් අඩවි රහස් ගෲපයක් ලෙස ක්‍රියාත්මක වුනු ‘F57’ කියන මාරක ගෲපය හරහා තමයි මුල්වරටම හුවමාරු වෙන්න පටන් අරන් තියෙන්නේ .

🐋 සාමාන්‍යයෙන් මේ ගේම් එක Download කරන්න පුළුවන් ගේම් එකක් නෙමෙයි. ඒ වගේම application එකක්වත් software එකක්වත් නෙමෙයි. රහස් ගෘප් හරහා හුවමාරු වෙන්න පටන් ගත්ත මේ ගේම් එක අවසානයේදී සමාජ ජාල වෙබ් අඩවි වලටද ඇතුළු වන්නේ, ජිවිත දහස් ගණනක් අනතුරේ හෙළිමටය. හරියටම පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි වල ඇතිවුනු Als Ice bucket challenge , HarlemShake වැනි දෑ වගේය.

🐋 තවමත් 22 වියෙහි පසුවන Philipp Budeikin නම් මනෝ විද්‍යාව හදාරන සිය විශ්ව විද්‍යාලයෙන් නෙරපන ලද ශිෂ්‍යයෙකු විසින් සාදන ලද මෙම මාරක online සෙල්ලම මේ වනවිට ලොව පුරා මරණ 150කට පමණ දායක වී ඇත.

🐋 මෙම ක්‍රීඩාවෙදි එක් එක් තරඟකරුවාට නිරීක්ශකයෙක් ලබා දෙන අතර විවිධ දිනයන්හි සම්පූර්ණ කළ යුතු රාජකාරි 50ක් පවරයි.. ඒවා නිරීක්ෂණය කිරීමට ඔන්ලයින් නිරීක්ශකයෙක් සිටින අතර සෑම පවරන ලද කාර්‍යයක් අවසානයේම ඒවා කළ බවට තහවුරු කළ හැකි ඡායාරූපයක් upload කිරීම කළ යුතුය.

🐋 මුලින්ම ඉතා සරළ පහසු කාර්‍යයන් වලින් පටන් ගන්නා මෙම මාරක සෙල්ලම ටිකින් ටික අභියෝගාත්මක වෙයි.. මුලින්ම හොල්මන් චිත්‍රපටයක් නැරඹීම, අවෙලාවන්හි අවදි වීම වැනි ක්‍රියාකාරකම් වලින් ඇරඹි ඉන් පසුව පාළමක් උඩ ඔලුවෙන් හිට ගැනීම, ඉටි කටුවක් උඩ කෙලින් තබා ඒ මත හිට ගැනීම වැනි ක්‍රියාකාරකම් ඔස්සෙ තමන්ටම හිංසා කරගැනීම, තමන්ගේම ලේ සොලවා ගැනීම දක්වා දිවෙන මෙම ඔන්ලයින් සෙල්ලමේ අවසාන, එනම් 50 වන අභියෝගය වන්නෙ සිය දිවි හානි කරගැනීමේ අභියෝගයයි..

🐋 අභියෝග වලට කැමැති නව යොවුන් වියෙහි කොල්ලන් සහ කෙල්ලන් අභියෝග 49ක් ජයගෙන සිටින මානසික මට්ටමක ටිකෙන් ටික තමාව මරණය කරා ගෙනයන Blue whale නිරීක්ශකයාට අවනත වීම සිදු වෙයි.. රුසියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුන මේ මාරක සෙල්ලම නිසා 2016 වසරේදි එහි නිර්මාණකරු ලෙස සලකන Philipp Budeikin ව අත්ඩංගුවට ගත් අවස්ථාවේ ඔහු කියා සිටියේ ඔහු කරන්නෙ සමාජ සත්කාරයක් බවයි.

🐋 ඔහු පවසන අන්දමට ඔහු ජීව විද්‍යාත්මකව සමාජයට වැඩක් නැති ජීවින්ව ලොවින් තුරන් කර ලොව වැඩක් ඇති තැනක් කිරීමට උත්සාහ කරන බව පවසා තිබුණි.. මෙම අලුත් මාරකය නිසා රුසියාවේ නව නීති පවා සම්පාදනය වුනු අතර වර්තමානය වන විට මෙහි අලුත්ම ගොදුරු රට වී ඇත්තේ අප අසල්වැසි ඉන්දියාවයි.. ඉන්දියාවේ තැනින් තැන වාර්තා වෙන සිය දිවි නසා ගැනීම් සීඝ්‍ර වශයෙන් වැඩි වෙමින් තිබෙන අතර ඒවාගෙන් වැඩි පිරිසක් යෞවනයන් වන අතර ඔවුන් පරිඝනකයට ඇබ්බැහි වී සිටි සමාජ ආශ්‍රය ඉතාම අඩු පිරිස් බවට පසු අනාවරණ වලින් සොයා ගත්තත් පැහැදිලි කාරණාවක් සොයාගත නොහැකි විය.

🐋 පහුගිය සතියේ බදාදා තමිල්නාඩුවේ 19 හැවිරිදි ‘vignesh’ නම් තරුණයා සිය මදුරෙයි නිවසේ සිවිලිමේ එල්ලි ගෙල වැළලාගෙන මිය ගොස් සිටි අතර ඔහුගෙ මේසය මත තිබී පොඩි ලියුම් කැබැල්ලක් සොයා ගන්නා ලදී.. එහි සදහන්ව තිබුණේ

” You can enter it. But you can not exit the game”
යනුවෙනි.

🐋 ඔහුගෙ එක් අතක නිල් තල්මහෙකුගෙ රුවක් කොටා තිබූ අතර ඔහු මාරක Blue whale ඔන්ලයින් ක්‍රීඩාවේ අවසන් අදියරේ සිටි අයෙකු බවට ඉන්දීය තොරතුරු තාක්ශණ ආයතනය පවසයි.. ඉන්දීය බුද්ධි අංශ මෙන්ම තොරතුරු තාක්ශන විශේෂඥයන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් මේ වනවිට යොමු කර ඇති අතර රජය විසින් සියලු ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සැකසුම් කරුවන් වන google, facebook, whatsapp, instagram, yahoo, microsoft ආදීන්ට මේ මාරක සෙල්ලමට අදාළ විය හැකි ඕනෑම ලින්කුවක් අවහිර වන ආකාරයට සිය සැකසුම් වල ආරක්ශිත බව තහවුරු කරගන්නා ලෙස දැනුම් දී තිබේ..

🐋 මෙහි අවදානම කොතෙකුද යත් මෙය Clash of clan ඔන්ලයින් ක්‍රීඩාවට වඩා ඇබ්බැහිකර විය හැකි බවත් නිර්මාණශීලි සහ සිත් ගන්නා සුලු ආකාරයේ ඉදිරිපත් කිරීමක් සමඟින් නව යෞවනයන්ගෙ අභියෝග භාර ගැනීමට ඇති කැමැත්ත ඉළක්ක කොටම සකසා ඇති ක්‍රීඩාවක් නිසා මෙයින් සිදු විය හැකි හානිය ඉතා ප්‍රබල බවට රුසියානු මනෝ විශේෂඥයන් අනතුරු ඇඟවීම් කරමින් මේ සම්බන්ධයෙන් විග්‍රහ කොට තිබේ.
සියදිවි නසා ගැනීම බුදු දහමට අනුව විශාල පාපයකි.

🐋 ජීව විද්‍යාවට අනුව සිය දිවි නසා ගන්නේ මානසික ‍රෝගීන් ය. එම දරුවන් පරිඝණකයට හෝ අන්තර්ජාලයට ඇබ්බැහි වී සිය වටිනා ජීවිතය නැති කරගන්නවා නම් ඔවුන් තරම් මානසිකව දුර්වල පිරිසක් නැත. අප
මෙවැනි ලිපි වලින් එවැනි භයානක ක්‍රිඩාවන් ප්‍රවර්ධනය නොකරන අතර ජනතාව දැනුවත් කිරිම පමණක් අපේක්ෂා කරන්නෙමු.

1 COMMENT

  1. Hey all! Impressive statement! I love the way in which described බ්ලු වේල්
    ජිවිත 150ක් බිලිගනී .
    Wow, I’ve never imagined that somebody may blog about බ්ලු වේල් ජිවිත 150ක් බිලිගනී not a soul.
    Say thanks a lot! It’s fascinating to master .
    You can’t say everyone may easily come up with the same as this writer of such
    a web site. Many individuals have difficulties featuring penning .

    Therefore, I decided to purchase publication coming from tissue jotting online services.
    And also to make certain Me won’t waste content
    my money another male supplement scam, While i click here college paper writing service reviews
    where as I’ll take a look at great along with seasoned
    feedback quite a few authoring firms

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here