නින්ද යන රියදුරන්ට අළුත්ම App එකක්

0
168

ඔයා දවසට පැය කීයක් විතර නිදා ගන්නවා ද? පැය 6ක් ,7ක් ,8ක් නැත්නම් 10ක් 15ක්. 😂.එහේමත් නැත්තම් ඊට වඩා අඩු පැය ගානක් ද? මතකද? අවසාන වතාවට හොඳ නින්දක් නිදියපු දවස? මේක නම් අහන්න වෙන්නේ ගෙදර සැපට නිදියන අයගෙන් නෙවෙයි. රෑට ඩ්‍රයිව් කරගෙන අයගෙන්.

හොඳට මතක තියා ගන්න, ඔයා පැය 8කට වඩා හෝ නැත්තම් අවම පැය හතර පහක්වත් නිදියන්නේ නැතුව ස්ටියරින් විල් එක අල්ලන්නවත් එපා. ඒක තමුන්ගේ ජිවිතය වගේම අනිත් අයගේ ජිවිතත් අනතුරේ දාන වැඩක්. දවස අවසානයේ සැප නින්දක් නැති වුනාම ඒක අපේ දෛනික ජිවිතයට ගොඩක් බලපානවා. සෞඛ්‍යට, පවුල් සබදතා වලට වගේම තමන්ගේ ජොබ් එකටත් බලපෑමක් වෙනවා.

මේ ගැන පරික්ෂණයක් කරලා
තියෙනවා, Hong Kong වල Baptist University එකෙන්. ඔවුන් කියන විදියට මේ ලෝකේ වැඩ්පුරම රිය අනතුරු වෙලා තියෙන්නේ පෙරදා රාත්‍රීයේ හරියට නිදා ගන්නේ නැතුව නිදිමතේ වාහන ඩ්‍රයිව් කරන අයගෙන් ලු. මේකට විසඳුමක් විදියට Baptidt university එකෙන් අළුත්ම App එකක් හදුන්වලා දිලා තියෙනවා.

මේ App එකෙන් වෙන්නේ,ඩ්‍රයිවර්ස්ලට නින්ද යාගෙන එද්දිම යම් දැනුම් දිමක් කරලා අනතුරු වෙන එක වළක්වා ගන්න එකයි. පසුගිය වර්ෂවල දත්ත පරික්ෂා කිරිමේදි හෙළිවෙලා තියෙන්නේ රියදුරන් 25ස් දෙනෙකුගෙන් එක් කෙනෙක් නොනිදා වාහන පදවන බවය. 2013 වර්ෂයේදි පමණක් නොනිදා රිය ධාවනය නිසා අනතුරු 72,000කුත් මරණ 800කුත් වාර්තා වෙලා තියෙනවා .ඔවුන් කියන විදියට මේ දත්ත මිට වඩා වැඩි වෙන්නත් පුලුවන් ලු.

මේ ප්‍රශ්නය විසඳිම සඳහා Batidt University එකේ මහාචාර්ය Cheung Yiu-ming නිර්මාණය කළ App එක ගොඩක් ප්‍රයොජනවන් වෙනවා . මේ සඳහා අතී නවීන තාක්ෂණය යොදාගෙන ඇති අතර ඕනෑම ස්මාර්ට් ෆෝන් එකකින් පාවිච්චි කරන්න පුළුවන් විදියට පහසුකමත් සලසා දිලා තියෙනවා . වාහනයේ ස්ටියරින් වීල් එක ළග ෆෝන් එක තියලා ඩ්‍රයිව් කරද්දි මේ ඇප් එක ඔයාගේ මුහුණේ තියෙන වෙනස්කම් ඇනලයිස් කර ගන්නවා. විශේෂයෙන්ම ඇසිපිය වල සහ හිසේ පිහිටිමේ වෙනස් කම් හොඳින් අදුර ගන්නවා. කැම් එකෙන් ඔයාගේ මේ වෙනස්කම් අදුර ගත්තට පස්සේ එලාම් එකෙන් ශබ්දයක් පිටවෙනවා. ඒ ශබ්දයෙන් ඔයාව ඇහැරවන්න පුළුවන් විදියට තමයි App එක නිර්මාණය කරලා තියෙන්නේ.

දැනට මෙවැනි නිර්මාණ රැසක් වෙළෙඳපොළේ තිබුනත්, ඒවා නිර්මාණය කරලා තියෙන්නේ සුඛෝපභෝගී වාහාන සඳහායි. අනෙක් අතට, Cheun ගේ App එකේ තියෙන සරල භාවිතය, දැරිය හැකි පහසුකම, නිසා වැඩිපුර මහජන ප්‍රසාදයක් හිමිවෙලා තියෙනවා . 2017 දී ජිනීවා වල පැවති නව නිපැයුම් පිළිබඳ 45 වන ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ දී පරිගණක විද්‍යාවෙහි විශිෂ්ටත්වය සඳහා රන් පදක්කම ඇතුළත් ව සම්මන කිහිපයක්ම දිනාගෙනද තියෙනවා. මේ කණ්ඩායමේ, ඊළඟ පියවර වෙන්නේ මේම නිර්මාණය වෙළඳපොළට හඳුන්වා දීමයි. ඒ වගේම මේ නිර්මාණය සඳහා පේටන්ට් බලපත්‍රයද ඉල්ලුම් කර තියෙනවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here